ඉතාලි - ශ්‍රී ලංකා රියදුරු බලපත්‍ර ගිවිසුමෙන් ප්‍රශ්නය විසඳෙනවා ද? Featured

Published in පුවත්
Tuesday, 25 November 2025 20:04

ඉතාලිය සහ ශ්‍රී ලංකාව අතර රියදුරු බලපත්‍ර අන්‍යෝන්‍ය වශයෙන් පිළිගැනීම සඳහා නව ගිවිසුමකට අත්සන් තැබීමට කැබිනට් මණ්ඩලය අනුමත කර තිබේ.

එම නිවේදනය අනුව,

'' ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ ඉතාලි ජනරජය අතර රියදුරු බලපත්‍ර අන්‍යෝන්‍ය වශයෙන් පිළිගැනීම පිළිබඳ ද්විපාර්ශ්වික ගිවිසුමකට 2011 වසරේදී එළඹ ඇති අතර, 2021 වර්ෂයේදී එම ගිවිසුමේ වලංගු කාලය අවසන් වී ඇත.

එම ගිවිසුම යාවත්කාලීන කරමින් තාක්ෂණික සංශෝධන ඇතුළත් කර නැවත බලාත්මක කිරීම සඳහා දෙපාර්ශ්වය අතර එකඟතාවකට එළඹ තිබේ.

වසර 06කට අඩු කාලයක් ඉතාලියේ පදිංචිව සිටින සහ ඉතාලි පදිංචිය ලබා ගැනීමට පෙර ලබා ගත් ශ්‍රී ලාංකික වලංගු රියදුරු බලපත්‍රයක් හිමි ශ්‍රී ලාංකිකයන්ට රියදුරු බලපත්‍ර පරිවර්තනය කිරීම මඟින් ඉතාලි රියදුරු බලපත්‍රයක් ලබා ගැනීම සහ ශ්‍රී ලංකාවේ පදිංචි ඉතාලි ජාතිකයින්ට සිය වලංගු ඉතාලි රියදුරු බලපත්‍ර ශ්‍රී ලාංකික රියදුරු බලපත්‍ර බවට බලාත්මක කර ගැනීම සඳහා යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම එකී ගිවිසුමේ විධිවිධාන පරිදි සිදු කරනු ඇත.

ඒ අනුව, රියදුරු බලපත්‍ර අන්‍යෝන්‍ය වශයෙන් පිළිගැනීම සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර ගිවිසුමකට අත්සන් තැබීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.''

නමුත් මේ වන විට ඉතාලියේ සිටින ශ්‍රී ලාංකිකයන් මුහණු දී තිබෙන රියැදුරු බලපත්‍ර ගැටළුව මෙමඟින් මුළුමනින්ම නොවිසඳෙන බව එම ශ්‍රී ලාංකිකයන් පවසා සිටී.

මීට පෙර 1975-1980 කාලයේ ඉතාලියට ඇතුලු වූ ශ්‍රී ලාංකිකයන් ඉතාලි රියැදුරු බලපත්‍රය ලබාගෙන තිබුණේ ප්‍රායෝගික පරීක්ෂණයකට ඉදිරිපත් වී එය සමත් වීමෙනි.

ඒ අනුව ඉතාලි රජය ඉතාලියේ රිය පැදවීම සදහා විශේෂ අවසර පත්‍රයක් ලබා දීම සිදු කර ඇත.

කෙසේ නමුත් යළි රියදුරු බලපත්‍රය ගැන ප්‍රශ්නයක් පැන නැගුණේ 2006 වසරේ සිටයි. ශ්‍රී ලාංකිකයන්ට ඉතාලි රියැදුරු බලපත්‍රය ලබාගැනීම සඳහා අදාල වන අවබෝධතා ගිවිසුම 2006 දී ද එවක රජය විසින් අලුත් නොකිරිම නිසා වසර හතරක කාලයක් ශ්‍රී ලංකා රියදුරු බලපත්‍රය ඉතාලි රියදුරු බලපත්‍රයට හරවා ගැනිමට නොහැකි විය. එම ගිවිසුමට නැවත අත්සන් කළේ 2011 වසරේ දීය.  එම ගිවිසුමේ වලංගු කාලයද 2021 දී අවසන් විය.

නමුත් මෙම ගිවිසුම අත්සන් කිරීමේ ප්‍රමාදයන් සහ එහි පැවැති ඇතැම් කොන්දේසි අනුව 2006 වසරේ සිට ඉතාලියට පැමිණි පිරිස මෙන්ම,වෙනත් රටවල් හරහා පැමිණ සරණාගතභාවය ඉල්ලුම් කළ අයත් විශාල පිරිසකට රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමට නොහැකි විය.

මේ වන විට මෙම ගිවිසුම නැවත යාවත්කාලීන කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබි තිබුණත් මෙහිදී ඉදිරිපත් කර තිබෙන්නේ ඉතාලියට පැමීණ වසර හතරක් ඇතුලත ඉතාලි රියදුරු බලපත්‍රය ලබා ගැනීමට තිබු හැකියාව වසර හයක් දක්වා දීර්ග කර ඇති බව පමණයි.

ඒ අනුව අවබෝධතා ගිවිසුම අත්සන් කරන දිනයේ සිට පෙර වසර 6 දක්වා පමණක් මෙම නිතිය ක්‍රියාත්මක වන බැවින් මෙම කාලය තුළ ඉතාලියට පැමිණි පිරිසට පමණක් රියැදුරු බලපත්‍ර ලබා ගැනීමේ අවස්ථාව ලැබී තිබේ.

මේ අනුව පසුගිය රජයන් විසින් මෙම ගිවිසුම් නියමාකාරයෙන් යාවත් කාලීන නොකිරීම නිසා රියැදුරු බලපත්‍ර ලබා ගැනීමට නොහැකි වූ දහස් ගනනකට නව ගිවිසුම මඟින්ද සාධාරණයක් සිදුව නොමැත.

මෙම ගිවිසුම අත්සන් කිරීම සඳහා මෙරට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණත් මෙම යෝජනාව හෝ ක්‍රියාත්මක වීමට ඉතාලි රජයේ එකඟතාවයද ලැබිය යුතුයි.

කෙසේ නමුත් වසර 6 කට වඩා දීර්ඝ කාලයක් ඉතාලියේ වාසය කරන නමුත් ශ්‍රී ලංකා රියැදුරු බලපත්‍රය ඉතාලියේ වලංගු බලපත්‍රයක් කර ගැනීමට නොහැකි වුණ පිරිස් පෙන්වා දෙන්නේ රජයෙන් බලාපොරොත්තු වුයේ මීට වඩා පුළුල් සාධාරණ විසඳුමක් බවයි.

ඔවුන් පෙන්වා දෙන්නේ, ශ්‍රී ලාංකික රියැදුරු බලපත්‍රයට ඉතාලියේ වලංගු භාවයක් ලබා දීම මඟින් ඉතාලි රජයට සිදු වන වාසි මොනවා ද?, කොපමණ ආදායමක් මෙමගින් ඉතාලි රජයට ලැබෙනවා ද? , මෙමගින් නීති විරෝධී බලපත්‍ර ජාවාරම් නතර වෙනවා ද? මෙමගින් ඉතාලියේ සිටින ශ්‍රී ලාංකිකයන්ට ඉතාලියේ රියදුරු රැකියා පුරප්පාඩු පිරැවීමට හැකියාවක් තිබෙනවා ද ? වැනි කරුණු යෝජනා හැටියට ඉදිරිපත් කර ශ්‍රී ලංකිකයන්ට වඩාත් වාසි සහගත ගිවිසුමකට එළැඹිය යුතුව තිබුණ බවයි.

එමෙන්ම ඉතාලි රජයට යම් බදු මුදලක් හෝ ගෙවා නිත්‍යනුකූල රියදුරු බලපත්‍රයක් ලබා ගත හැකි නම්, පීඩාවට පත් ශ්‍රී ලාංකිකයන්ගේ විරුද්ධත්වක් නොමැති බවත් ඔවුන් අවධාරණය කරයි.

ශ්‍රී ලාංකිකයන්ට රියැදුරු බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් ඉතාලි රජය එල්ල කරන ප්‍රධාන චෝදනාවක් වන්නේ ශ්‍රී ලංකාවෙන් ව්‍යාජ රියදුරු බලපත්‍රය ලබා ගෙන ඇතැමුන් පැමිණසිටින බවත් ඔවුන්ට නිස පුහුණුවක් විනයක් නෙමැති විම නිසා අනතුරු සිදු වන බවයි.

මෙයට විසඳුමක් ලෙස ඉතාලි රියදුරු පාසලකට ගොස් ප්‍රායෝගික පරීක්ෂණයකින් සමත් වී ඉතාලි රියදුරු බලපත්‍රය ලබා ගැනීමේ හැකියාව සැකසේ නම්, මෙම චෝදනාවෙන් ගැලවිය හැකියි. එමෙන්ම ඉතාලිය තුළ සිදු කරන නීති විරෝධි ලෙස ඉතාලි රියදුරු බලපත්‍රය ලබා ගැනීමේ අක්‍රමිකතා වලින් වලින් ශ්‍රී ලාංකිකයන් ඈත් කර තැබීමත් කළ හැකියි.

මෙම යෝජනා සඳහා සහය දැක්විමට ඉතාලියේ අධ්‍යාපනය ලැබු මෙරට නීතිඥයන් පවා ඉදිරි පත්වීමට කැමැත්තෙන් සිටින බවත් මේ සඳහා ඉතාලියේ මෙරට තානාපති අංශ වලට මැදිහත් විය හැකි බවත් මේ පිරිස් පවසා සිටී.

ඉතාලියේ Ministero delle infrastrutture e dei trasporti (ඉතාලියේ ප්‍රවාහන හා යටිතල පහසුකම්) අමාත්‍යවරයා වන නියෝජ්‍ය අගමැතී matteo salvini හෝ විදේශ ඇමති antonio tajani මේ සදහා එකඟ කරගනිමින් අලුත් අවබෝධතා ගිවිසුමක් අත්සන් කළ හැකි නම් ඉතාලියේ රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමට සිටින දහස් ගනනනකට විශාල සහනයක් ලැබේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us