කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ (BMICH) පැවති 28 වන ආසියා පැසිෆික් කලාපීය සමාජ සේවා වැඩමුළුවේ සමාරම්භක අවස්ථාව අමතමින් අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළාය.
ජාතික සමාජ සංවර්ධන ආයතනය (NISD) සහ ශ්‍රී ලංකා සමාජ කාර්යයන්හි නියුතු වෘත්තීයවේදීන්ගේ සංගමය (SLAPSW) විසින් සංවිධානය කරන ලද මෙම සමුළුව නොවැම්බර් 18 සිට 21 දක්වා කොළඹ දී “දේශගුණික විපර්යාස සහ අනෙකුත් පාරිසරික ගැටළු සඳහා සමාජ කාර්යයන්හි ප්‍රතිචාර” යන තේමාව යටතේ පැවැත්වේ.
"ශ්‍රී ලංකාව නිරන්තරයෙන් වෙරළ ඛාදනය, අනපේක්ෂිත මෝසම් වැසි, නාගරික ගංවතුර, නියඟ වගේම කෘෂිකර්මාන්තයට, ධීවර කර්මාන්තයට සහ ග්‍රාමීය ප්‍රජාවන්ට සෘජුවම බලපාන අනෙකුත් දේශගුණික ආශ්‍රිත අභියෝගවලට මුහුණ දෙනවා. මෙම පාරිසරික වෙනස්කම් හේතුවෙන් සමාජ අසමානතාවයන් තවත් උග්‍ර වෙනවා වගේම ඒ නිසා ගොවීන්, ධීවරයින්, වතුකරයේ ප්‍රජාවන් සහ අනෙකුත් ආන්තික කණ්ඩායම්වලට අහිතකර ලෙස බලපානවා.
මෙම අභියෝගවලට මුහුණ දීමේදී සමාජ සේවකයින් විශාල කාර්යභාරයක් ඉටු කරනවා. ආපදාවල දී ක්ෂණික ආධාර, මනෝ සමාජීය සහාය මෙන්ම දිගුකාලීන පුනරුත්ථාපන පහසුකම් සපයමින් එම අවස්ථාවල දී බොහෝ විට පළමු ව මැදිහත් වන්නේ ඔවුන්. ශ්‍රී ලංකාවේ සමාජ සේවකයින් ප්‍රජා බලගැන්වීමේ හැකියාව ශක්තිමත් කරනවා වගේම තරුණ පරපුර සහ කාන්තාවන් බලගැන්වීමට සහාය වෙනවා, ඒ වගේම පරිසරය වෙනුවෙන් පෙනී සිටිනවා" යනුවෙන්ද අග්‍රාමාත්‍යවරිය පැවසීය.

