වසර දහයකට වරක් සිදු කරනු ලබන මුඛ සෞඛ්‍ය සංගණනය අවසන් වරට සිදුකර ඇත්තේ ඉකුත් 2015/ 2016 කාලසීමාවේදී බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසීය.
ඒ අනුව ලබන වසරේ පැවැත්වීමට නියමිත මුඛ සෞඛ්‍ය සංගණනය - 2025/ 2026 සඳහා රුපියල් මිලියන තිස්තුනයි දශම හයක් (33.6)ක් වෙන්කර ඇතැයිද ඔහු කීවේය.
ලබන වසරේ (2026) අයවැය ඇස්තමේන්තු මගින් සලසන ප්‍රතිපාදන යටතේ මෙම සංගණනය සිදු කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැතිවරයා ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

