මාතර චිකුන්ගුන්යා රෝගය දැඩි ලෙස ව්‍යාප්ත වෙයි

Published in පුවත්
Wednesday, 19 November 2025 11:51

මාතර දිස්ත්‍රික්කයේ චිකුන්ගුන්යා රෝගය දැඩි ලෙස ව්‍යාප්ත වෙමින් පවතින බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය පවසයි.

එහි සභාපති නිජිත් සුමනසේන මහතා සඳහන් කළේ, ඩෙංගු අධි අවදානම් තත්ත්වයත් සමඟ මෙම රෝග ව්‍යාප්තිය සිදුව ඇති බවය.

ඒ සම්බන්ධ වැඩිදුර අදහස් දැක්වූ සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමයේ සභාපති නිජිත් සුමනසේන මහතා,

"මේ වන විට ශ්‍රී ලංකාව පුරාම වර්ෂාව ලැබීම් පවතින කාල පරිච්ඡේදයක්. ඒ වගේම මේ වර්ෂයේ ඩෙංගු අධි අවදානම් කාල පරිච්ඡේදයක් ගත කරන්නේ. ඒ තත්ත්වය තුළ ඩෙංගුවලට වඩා මිනිසුන්ට පීඩාකාරී රෝග තත්ත්වයක් වාර්තා වෙනවා මාතර ප්‍රදේශයෙන්. විශේෂයෙන්ම මේ මාතර ප්‍රදේශයේ චිකුන්ගුන්යා රෝග රෝග තත්ත්වය ඉතාම බරපතළ විදියට ව්‍යාප්ත වෙමින් පවතිනවා. පසුගිය කාලයේ කොළඔ ප්‍රදේශයේ නාරාහෙන්පිට, කොළඔ ආශ්‍රිතව මේ රෝග තත්ත්වය තිබුණත් පාලනය කර ගැනීමට හැකි වුණා. දැනට මාස කිහිපයක සිට මාතර ප්‍රදේශයේ මේ රෝග තත්ත්වය ව්‍යාප්ත වෙමින් පවතිනවා. එසේම මේ තත්ත්වය තුළ රෝග තත්ත්වය පාලනය කිරීම ඉතාම වැදගත්. විශේෂයෙන්ම ඩෙංගු මදුරුවාට සමාන මදුරු විශේෂය තමයි මේ චිකුන්ගුන්යාවලට ප්‍රධාන වාහකයා වෙන්නේ."

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us