ජනාධිපතිනී  ඩිල්මා රොසෙෆ් බ‍්‍රසීල ජනාධිපතිවරණය දෙවන වරටත් ජය ගැනීමට සමත්ව ඇත.

පොදුරාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් කමලේස් ශර්මා මහතා ඊයේ (26)  යාපනය දිස්ත්‍රික්කයේ සංචාරයක නිරත විය.
බොකෝහරාම් ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායමක් ඊසාන දිග නයිජීරියාවේ පිහිටි ගම්මානයකින්  දරුවන් 30 දෙනෙකු පැහැරගෙන ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.
ජාතික හැදුනුම්පත් ලබාදීමේ ජංගම සේවා ඇරඹෙයි
 
ඉදිරි ජනාධිපතිවරණයේදී සැලකිල්ලට ගැනෙන ඡන්ද හිමි නාම ලේඛණයට අනුව ජාතික හැදුනුම්පතක් හෝ පිළිගනු ලබන අනන්‍යතා පත්‍රයක් නොමැති වීම හේතුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය අහිමිවන පිරිස ලක්ෂ 9 කට ආසන්නය.
මූලික වැටුප වැඩිකරන ලෙස ඉල්ලූවිට ජනතාව නොමඟ යවා සීනි බෝල අය-වැයක් ඉදිරිපත් කළ ජනාධිපතිවරයා ජනතාව මුළාකරමින්  සිටින බව  ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ වසන්ත සමරසිංහ මහතා පවසයි.

මෙරට එච්.අයි.වී ආසාදිතයන්ගේ සංඛ්‍යාව සාමාන්‍ය පුද්ගලයින් අතර එච්.අයි.වී ආසාදිතයන්ගේ සංඛ්‍යාවට වඩා සමලිංගික පිරිමින් අතර දහ ගුණයක් වැඩි බව එච්අයිවී ඒඞ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂක වෛද්‍ය සිසිර ලියනගේ මහතා සදහන් කරයි.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත ඉකුත්දා ලබාදුන් සිය යෝජනාවලියට ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයෙන් ප‍්‍රතිචාර ලැබී ඇතැයි ජාතික හෙළ උරුමය පවසයි.

අතුරුගිරිය ප්‍රදේශයේ 15 හැවිරිදි පාසල් දැරියක පැහැරගෙන ගොස් අපහරණය කළ ඇයගේ ඥාති තරුණයකුට සහාය වී ඇති බව කියන ඇගේ පුංචි අම්මාවරුන් දෙදෙනකු මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබ අධිකරණයට ඉදිරිපත්කොට අද (27දා) දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකොට තිබේ.

 

ld add copy

ක්‍රීඩා

Connet With Us