ලංකා පුවත් ආයතනයේ මේවන විට ඇතිවී ඇති තත්වය පිළිබඳව පසුගියදා අප විසින් පළ කළ 'කුඩම්මලාට යටවූ ලංකාපුවත් සේවයට අලුත් ආණ්ඩුවෙනුත් කුඩම්මාගේ සැලකිලි'නමින් වූ පුවතේ සඳහන් වූ කරුණු සාවද්‍ය බව සඳහන් කරමින් එම ආයතනයේ පරිපාලන කලමනාකාරවරියගේ, ප්‍රවෘත්ති කර්තෘවරු දෙදෙනකුගේ හා තොරතුරු තාක්ෂණ කළමනාකරුගේ අත්සනින් යුතුව පිළිතුරු ලිපියක් අප වෙත එවා ඇත.

හිටපු ජනපතිවරයාගේ පාලන සමයේ ධුරයෙන් ඉවත් කෙරුණු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අද දහවල් යළි අගවිනිසුරු ධුරයේ වැඩ ආරම්භ කළා ය.

අගවිනිසුරු මොහාන් පීරිස් මහතාට වහා සිය ධුරයෙන් ඉවත්වන ලෙස ඉල්ලමින් නීතිඥ සංගම් එකමුතුව සංවිධාන කළ උද්ඝෝෂණයක් අද(28දා) අලුත්කඩේ උසාවි සංකීර්ණය ඉදිරියේ පැවැත්වෙමින් තිබේ.මෙම උද්ඝෝෂණයසඳහා මහජනයාද සහභාගීවී සිටිති.

පොල්ලෙලි කොහු ආශ්‍රිත ව්‍යාපාරික කර්මාන්ත්‍යායතනයක් වන ජිෆී ප්‍රඩක්ට් ආයතනය විසින් කොබෙයිගනේ,නිකවැරටිය,  දැදුරු ඔය ආශ්‍රිතව පවත්වාගෙන යන කාර්මාන්ත ශාලාව හේතුවෙන් එම ප්‍රදෙශයේ දැඩි පාරිසර හානියක් සිදුව තිබෙන බව දිගින් දිගටම හෙලිදරව් කිරීම හා ඊට එරෙහිව උද්ඝෝෂණ සිදු කෙරුණද ඒ පැවැති රජයේ දේශපාලන සම්බන්ධතා මත පවත්වාගෙන ගියේය.

පේෂල උතුරු මැදට

Published in පුවත්
Wednesday, 28 January 2015 11:17

උතුරු මැද නව මහ ඇමැති ලෙස පේෂල ජයරත්න හිටපු පළාත් ඇමැති නව ආණ්ඩුකාර පී බී දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

අධ්‍යාපනයට 6%ක්

Published in පුවත්
Wednesday, 28 January 2015 10:52

අධ්‍යාපනයට වාර්ෂිකව වෙන්කරන මුදල දළ ජාතික නිෂ්පාදිතයෙන් 06%ක් දක්වා වැඩිකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු සැලසුම් කර ඇත.

රයිගම් ටෙලීස් 11 වැනි වරටත් 2015 ජුනි මස 12 වැනි සන්ධ්‍යාවේ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පැවැත්වීමට නියමිතව තිබේ. 
 
 දශකයක් පුරාවට අඛන්ඩව පවත්වාගෙන එන ලද මෙම රයිගම් සම්මාන උළෙළ සමස්ථ ටෙලි මාධ්‍යයම ආවරණය කරමින්  පැවැත්වේ.

බි‍්‍රතාන්‍යයේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හියුගෝ ස්වේයර් මහතා අද (28) සිව් දින නිල සංචාරයක් සදහා දිවයිනට පැමිණිමට නියමිතය. ඔහු තම ශ‍්‍රී ලංකා සංචාරයේදී ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු රජයේ ප‍්‍රධානීන් හමුවී සාකච්ඡා පවත්වන බව බි‍්‍රතාන්‍ය විදේශ අමාත්‍යංශය නිවේදනය කලේය.

ld add copy

Connet With Us