මෙවර ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තේ මැයි පළමු වනදා එක්සත් ජනතා නිදහස් සන්ධානය මැයි ‍රැළි දෙකක් පැවැත්වීමේ සූදානමින් පසුවේ.

දහසකට අධික ජීවිත විනාශයක් සමඟ නේපාලය මුහුණ දුන් මහා භූමිකම්පාව නිසා ශ්‍රී ලාංකිකයන් කිසිවකු අනතුරට ලක් වූ බවක් තවමත් වාර්තා වී නැතැයි කත්මන්ඩු නගරයේ සිටින ශ්‍රී ලංකා තානාපති ඩබ්ලිව්.එම්.සෙනෙවිරත්න පවසයි.

සංචාරක අමාත්‍ය නවින් දිසානායක සහ කේරළයේ සංචාරක අමාත්‍ය ඒ.පී. අනිල් කුමාර ඒකාබද්ධව සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සදහා එකගතාවය පළකර ඇත.

ළමා කටයුතු රාජ්‍ය ඇමතිනිය -රෝසි සේනානායක නිව්යෝර්ක් හිදී එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් පුම්සිලේ මලම්බේ (Phumzile Mlambo-Ngcuka) මුණගැසී ඇත.

රුහුණු කතරගම මහ දේවාලයේ බස්නායක නිලමේවරයා තෝරා ගැනීමේ නිලවරණය අනිද්දා (28) මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වේ.

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සෑහෙන කලක් තිස්සේ ප්‍රමාද වූ මැතිවරණ පොරොන්දුවකි. දැන් එම පොරොන්දුව ඉටු කරන මොහොත එළඹී ඇත.

දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා ක්‍රියාත්මක වූ, මේ දක්වා නිමකර ඇති සංවර්ධන ව්‍යාපෘතිවල ගෙවීම් කටයුතු වෙනුවෙන් තවත් රුපියල් බිලියන 04 ක මුදලක් මුදා හැරේ.

යුද හමුදාව හැර ගිය හමුදා සෙබළ සෙබළියන්ට හමුදාවෙන් නීත්‍යානුකූලව ඉවත්වීම සඳහා ලබාදී තිබූ පොදු සමා කාලය අද (25) දිනයෙන් අවසන්වේ.

ld add copy

Latest News

ලිට්‍රෝ ගෑස් හිඟ­යක් නැහැ - ලිට්‍රෝ සභාපති

ලිට්‍රෝ ගෑස් හිඟ­යක් නැහැ - ලිට්‍රෝ සභාපති

මැද­පෙ­ර­දිග යුද­මය තත්ත්වය හේතු­වෙන් ලිට්‍රෝ ගෑස් හිඟ­යක් ඇති නොවන බව එම සමා­ගමේ සභා­පති චන්න ගුණ­ව...

Connet With Us