වත්මන් ශ්‍රී ලංකාවේ දේශපාලන ව්‍යකූලත්වය හමුවේ වඩාත්ම අර්බුදය ගිය දේශපාලන පක්ෂය ලෙස හැඳින් විය හැක්කේ පොදුජන පෙරමුණය. මේ වන විටත් පක්ෂයේ දේශපාලන ක්‍රියාන්විතය හැකිලී ඇත. පක්ෂයෙ ප්‍රබලයින් ගනනාවක් පක්ෂයෙන් ඉවත්ව ස්වාධීන පිළිවෙතක සිටී. ආණ්ඩුව පිහි‍ටු වීමේදී පොදුජන පෙරමුණ සමඟ එක්ව මහ මැතිවරණයට තරග කළ හවුල් කාර පක්ෂ සියල්ලම දැන් එතැනින් ඉවත්ව තිබේ.එය ද පක්ෂයේ බලය දුර්වල වීමට හේතු වී ඇත.

දැනට ඇති තොරතුරු අනුව ලංකාවේ වාර්ෂික කොස් අස්වැන්න කොස් ගෙඩි කෝටි 28ක් වන අතර ඉන් පරිභෝජනය කෙරෙනුයේ කෝටි 8ක් පමණ ප්‍රමාණයක් බව පසුගිය දා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පැවති සාකච්ඡාවකදී කරුණු හෙළි වී තිබේ. මේ අනුව කොස් ගෙඩි කෝටි 20 ක් (ලක්ෂ 2000 ක්) ගස් යට කුණු වෙයි.

21 වන ව්‍යවස්ථා සංශෝධන යෝජනාව සම්බන්ධයෙන් තවමත් පාර්ලිමේන්තු පක්ෂ හා පක්ෂ තුළමත් මත ගැ‍ටුම් ඇතිව තිබේ.ව්‍යවස්ථා සංශෝධනයක් සම්බන්ධයෙන් හෝ වේවා රටේ නව නීති පැනවීමක්දී මත ගැටුම් ඇතිවීම සාමාන්‍ය සංසිද්ධියක් මෙන්ම එය විය යුතුම දෙයකි. ඒ වඩා නිවැරදි ලෙස නීතියක් සම්මත කර ගැනිම විය යුතු නිසය.

වගා නොකළ ඉඩම් හා පුරන් කුඹුරු වහා රජයට පවරා ගැනීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සැලසුම් සකස් කරන බව වාර්තා වේ. ඒ අනුව මේ සඳහා අවශ්‍ය ගැසට් පත්‍රය කඩිනමින් සකස් කර නිකුත් කරන්නැයි කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දී තිබේ.

අද වන විට රට තුළ විවිධ අර්බුද නිර්මාණය වී තිබේ. මිනිසුන් ජීවත් වීමේ අරගලයක නිරතව ඇත.

අද වන විට මෙරට අත්‍යවශ්‍ය ආහාර මිල වේගයෙන් ඉහළ යමින් තිබේ. එයට හේතු වූයේ මෙරට තුළ ඩොලරයේ අගය වේගයෙන් ඉහළ යෑම මත සිදුව තිබෙන ආනයන සීමාවන් සහ අන්තර් ජාතික වශයෙන් ඇති මුල්‍ය අර්බුද තත්ත්වයද බලපා තිබීමයි.

වර්තමානයේ රට මුහුණ දෙන තෙල් ගෑස් ආහාර ඖෂධ ආදී වන අර්බුදකාරිත්වයන් වහා විසඳිය යුතුව තිබෙන ගැටලුව වන බවට කිසිදු සැකයක් නැත. නමුත් මේ මොහොත දඩමීමා කරගෙන වර්තමාන මජර රාජපක්ෂ පාලනය තවදුරටත් තහවුරු කරගැනීමට බැසිල් රාජපක්ෂ සහ ඔහුගේ පොහොට්‍ටු කල්ලිය දරණ තැත ඉතා තුච්ඡය. නින්දිතය.

මේ ගෙවෙමින් තිබෙන්නේ මෙරට මෑත ඉතිහාසයේ දුෂ්කරම කාලයයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩ භාර ගැනීමෙන් පසු සඳහන් කළ පරිදි නිදහසින් පසු නොව නිදහස ලැබීමට පෙර තිබූ කාලය තුළදීවත් මෙතරම් දැවැන්ත සහ ගැඹුරු ආර්ථික ප්‍රපාතයකට, අර්බුදයකට මෙරට වැටී නැත.

ld add copy

Connet With Us