ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනය කෙටුම්පත් කර අවසන් බවත්, සඳුදා එය අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසයි.

සමගි ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර මන්ත්‍රීවරුන් ඇමැතිධුර ගැනීමට එරෙහිව විනය පියවර ගන්නා බව සජබයේ ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා පවසා ඇත.

රනිල් - ගෝඨා කුමන්ත්‍රණ ආණ්ඩුව පන්නමු, ක්‍රමය පෙරළමු යන සටන් පාඨ මූලික කරගෙන යළි අරගලය මුවහත් වී තිබේ. අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පමණක් නොව විශේෂයෙන්ම පෙර‍ටුගාමි සමාජවාදී පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණත් මෙම සටන් පාඨයෙහි එල්ලී සිටී. වෙනත් ජන බලවේගයන්ද මේ සටන් පාඨය පිළිගෙන කටයුතු කරනවාද විය හැකිය.

අද (17) පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ධුරය සඳහා පැවැති ඡන්ද විමසීමේදී පොදුජන පෙරමුණ විසින් ඉදිරිපත් කර තිබූ අපේක්ෂකයා වූ අජිත් රාජපක්ෂ වැඩි ඡන්දයෙන් ජයග්‍රහණ්ය කර තිබේ.

රටේ තත්වය හොඳ අතට පත් වීමට පෙර, තවත් නරක අතට හැරෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ බීබීසීට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබේ.

ඊයේ දිනයේදි (12) රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ලෙස නම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගත් තීරණයත් සමඟ දැන් දේශපාලන සංවාද තලය අලුත් වී ඇත.

කාලෙන් කාලෙට ජවිපෙ නායක අනුර කුමාර මාධ්‍ය සංදර්ශන පවත්වන බව දැන් නම් මේ රටට අමුතු දෙයක් නොවන්නේය.

රට වැසියෝ මේ මොහොත ගත කරන්නේ රාජපක්ෂලා කෙරෙහි දැඩි කෝපයකිනි. අද (මැයි 06) මේ මොහොතේ රට පුරා ක්‍රියාත්මක හර්තාල් ව්‍යාපාරයෙහි අති සාර්ථකත්වය ඒ බව පැහැදිලිව පෙන්වා දෙයි. විශේෂත්වය වන්නේ මේ හර්තාල් ව්‍යාපාරය දේශපාලන පක්ෂයකින් හෝ පක්ෂ එකතුවකින් හෝ කළ කැඳවීමක් නොවීමය. වැඩකරන ජනතාවගේ එකමුතුවට අද රටේ සමස්ථ ජනතාව ද එකතුවෙමින් දේශපාලන පක්ෂ පරයා ජනතාවගේ දේශපාලන බලය යනු කුමක්දැයි ඓතිහාසික පාඩම උගන්වමින් තිබේ.

ld add copy

Connet With Us