subash

subash

ශ්‍රී ලංකාවට ආනයනය කර ඇති කසල කන්ටේනර් සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය රජයේ පරිසර, ආහාර සහ ග්‍රාමීය කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කර ඇත.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් රාජ්‍ය අදායමට, රුපියල් බිලියන 50 ක් අහිමිව ගොස් ඇති බව මුදල් අමාත්‍යාංශය අනාවරණය කරයි.

එළඹෙන ජනාධිපතිවරණේ පොදුජන එක්සත් පෙරමුණේ ජනාධිපති අපේක්ෂකය ලෙස එම පාක්ෂික බහුතරයේ ඉල්ලීම වී ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කළ යුතු බවය. එමෙන්ම එකසත් ජාතික පක්ෂයෙ බහුතරයේ ඉල්ලිම වී ඇත්තේ සජිත් ප්‍රේමදාසය.

ගොඩනැගෙන වරාය නගරය කොළඹ දිස්ත‍්‍රික්කයේ කොටසක් හැටියට ඉදිරි කාලයේදී නීත්‍යානුකූලව පවත්වාගෙන යෑම සඳහා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මගින් නිකුත් කළ ගැසට් නිවේදනය අද පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කෙරිණි.

බෞද්ධාගමට අපහාසයක් වන අන්දමේ කෙටිකතාවක් ලියා පළකලේයැයි කියමින් ලේඛක ශක්තික සත්කුමාරට එරෙහිව පොල්ගහවෙල පොලීසිය විසින් ගොණුකොට ඇති නඩුව අද දිනයේද පොල්ගහවෙල මහේස්ත්‍රාත් නෙළුම් ප්‍රියදර්ශනී මැතිනිය ඉදිරිපිට කැදවන ලදී.

අද (22) සවස අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අරලිය ගහ මන්දිරයේ පැවැති එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩයම් රැස් වීමේදී එජාප ජනාධිපති අපේක්ෂකයා විය යුත්තේ සජිත් ප්‍රේමදාස බවට සාතිශය බහුතරය විසින් දැඩි තීන්දුවක් ගත්තේය.

රාජිත සේනාරත්න ඇමැතිවරයා සිය දේශපාලන ඉතිහාසය පුරා පෙනී සිටියේ ජාතිවාදයට එරෙහි ආගම්වාදයට එරෙහි වාමාංශික දියුණු මත දරණ දේශපාලකයකු වශයෙනි. එහෙත් ඔහුගේ ඇත්ත මුහුණුවර ඊට හාත්පසින්ම වෙනස් බවත්, මෙතුවක් කල් දේශපාලනයේදී පෙන්වා තිබෙන්නෙ ව්‍යාජ මුහුණක් බවත් දැන් හෙළිදරව් වී තිබේ.

ජාතික රුපවහිනියේ නව සභාපතිවරයා ලෙස ජනමාධ්‍ය රාජ්‍ය ඇමැති රුවන් විජේවර්ධන විසින් පත් කරන ලද සංජීව විජේගුණවර්ධන නැමැත්තෙකු අද දින රූපවාහිනී පරිශ්‍රයට පැමිණ තමන් නව සභාපති බවත් තමාට සභපතිවරයාගේ කාමරය ලබා දිය යුතු බවත් කියමින් එම පරිපාලන නිළධාරීන් ඉදිරියේ යකා නටමින් සිටින බව වාර්තා වේ.

අයුක්ති සහගත ලෙස සිරගත කොට ඇති ලේඛක ශක්තික සත්කුමාර නිදහස් කරගනු පිණිස ජාතික හා ජාත්‍යන්තර වශයෙන් හඬක් නැගෙද්දී ඔහුට අනිවාර්යයෙන් ම දඬුවම් දියයුතු ම බව කියමින් ඒ වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව දැඩි ලෙස බලපෑම් කරන නිලධාරිනියක් පිළිබඳව වාර්තාවේ.

එක්සත් ජාතික පක්ෂයේ ජනධිපතිවරණ අපේක්ෂකයා ලෙස වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බවත් ඒ වෙනුවෙන් සහය දෙන ලෙස ස්වර්ණවාහිණී මාධ්‍ය ආයතනයෙන් ඇමැති රාජිත ඉල්ලීමක් කර තිබේ.

Connet With Us