subash
සාෆිගේ නඩුව අහන මහේස්ත්‍රාත්ට එරෙහිව සීඅයිඩියෙන් පැමිණිල්ලක් !
කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සාෆි මොහොමඩ්ගේ සිද්ධියට අදාළව කුරුණෑගල මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම්ගේ හැසිරීම බරපතළ සැක මතු කරන බවත්, ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණ සේවා කොමිසමෙන් ඉල්ලීමක් කර තිබේ.
සජිත් කල්ලිය සහ කූජිත කල්ලිය - එජාපය දෙකට බෙදේ.. සටන උණුසුම්
එළඹෙන ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් මේ වන විට එජාපය අභ්‍යන්තරයේ ගොඩනැගී ඇති බල පොරය පැහැදිලිවම දෙපාර්ශ්වයක් අතර කුලල් කා ගැනීමක් බවට විතැන්ව තිබේ. එජාපයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා කවරෙක් විය යුතුද යන්න ගැන පසුගිය කාලයේ පැවැති සංවාද විසංවාද තීරණාත්මක කඩඉමකට ගෙන ආවේ මංගල සමරවීර ඇමැතිවරයා විසින්ය.
ව්‍යාජ ලෙස සකස් කරන ලද බලපත්‍රයක් උපයෝගී කරගෙන අලි පැටවකු සන්තකයේ තබා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් මේ වන විට වැඩ තහනමකට ලක්ව සිටින මහේස්ත්‍රාත් තිලිණ ගමගේ ඇතුළු විත්තිකරුවන් හතර දෙනකුට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ අද (19) අධි චෝදනා ගොනුකර තිබේ.
පිටරට කුණු ගෙනාවේ මහින්දගේ අනුමැතියෙන් - ගැසට් එක මෙන්න
විදේශ රටවලින් බැහැර කෙරෙනු අපද්‍රව්‍ය මෙරටට ආනයනය කරන ජාවාරම්කාර ව්‍යාපාරයක් ගැන තොරතුරු පසුගියදා හෙළිවූ අතර එය නිත්‍යානුකූල ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යැමේ අවසරය ලබා දි ඇත්තේ පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමයේදී බවද අනාවරණය වේ.
සාෆි නඩුවේ මහේස්ත්‍රාත් ගැන පරීක්ෂණයක් ඉල්ලා පැමිණිල්ලක්
කුරුණෑගල ශික්ෂණ රෝහලේ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍ය සේගු ශිහබ්දීන් මොහමඩ් සාෆි මහතාගේ නඩුවේදී කුරුණෑගල මහේස්ත්‍රාත්වරයාගේ හැසිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය අධිකරණ සේවා කොමිෂන් සභාවට පැමිණිල්ලක් කළේය.
කුරුණෑගල මහේස්ත්‍රාත්වරයාගේ බිරිදත් කුරුණෑගල රෝහලේම වෛද්‍යවරියක්
කුරුණෑගල පොලිසියේ අපරාධ විමර්ශන අංශයෙන් අත්අඩංගුවට ගනු ලැබූ සාෆි මහතා කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයකු බව ද, ඔහු සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන ලෙස උපදෙස් දී ඇතැයි කියන කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ බිරිඳ ද එම රෝහලේම වෛද්‍යවරියක බව ද, වෛද්‍ය සාෆි රිමාන්ඩ් කරන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයාගේ බිරිඳද එම රෝහලේම වෛද්‍යවරියක බව ද ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය කළ පැමිණිල්ලේ සඳහන්වේ.
සාෆි සම්බන්ධ පැමිණිල්ල 2019 ජුනි 27 වැනිදා කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේ දී කැඳවූ අවස්ථාවේ දී නඩුවේ පැමිණිලිකරුවකු, විත්තිකරු සහ අගතියට පත් පාර්ශ්වය නියෝජනය නොකරන කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂවරයාට විවෘත අධිකරණයේ අදහස් දැක්වීමට මහේස්ත්‍රාත්වරයා අවස්ථාව දී ඇතැයි ද, එච්එස්ජී පරීක්ෂණය ගැන අදහස් දැක්වීමට ඔහු ප්‍රසව හා නාරිවේද විෂය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු නොවන බව ද, දන්ත වෛද්‍යවරයකු වන අධ්‍යක්ෂවරයා අධිකරණයේ දී දැක්වූ අදහස් නඩුවේ කාර්ය සටහන්වලින් ඉවත් කර ඇතැයි රහස් පොලිසිය වාර්තා කර ඇති බව ද තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය කළ පැමිණිල්ලේ දැක්වේ.
මේ මගින් පැමිණිලිකරුවන්ට, විත්තිකරුට සහ අගතියට පත්වීයැයි කියන පාර්ශ්වයට අගතියක් සිදුවිය හැකි බවත්, මහජනතාවට අධිකරණය ගැන විශ්වාසය පළුදු විය හැකි බවත් එම නිසා මේ ගැන නිසි විමර්ශනයක් සිදු කරන ලෙසත් එම සංගමය අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් ඉල්ලා තිබේ.
රවීගේ මඩ කොන්ත්‍රාත්තුවෙන් තීනියාවල පාලිතට, හිරු සහ දෙරණට වැඩ වරදී !
ලංකා හොස්පිටල් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉවත් කිරීම නිසා මාසිකව උපයා ගනු ලැබු ලක්ෂ ගනනින් වන සල්ලි පොට්ටනිය අහිමි වීම දිරවා ගත නොහැකිව සිටින තීනියාවල පාලිත කහකඩධාරීයා දැන් උමතුවෙන් මෙන් කටයුතු කරමින් තිබේ.
'මහණ කම ඇත් ඇරල එක අඹුවක් එක්ක ඉන්නවද මහණ කමේ ඉඳලා අඹුවන් සීයක් එක්ක ඉන්නවද? කියලා තීරණයක් ගන්න'.... ලොකු හාමුදුරුවෝ එහෙම ඇහුවා යැයි මට කීවේ සාමනේර නමකි. ඒ වෙන කොට ගැහැනු ළමයකු ගැන හිත ඇදි ගොස් තිබූ ඔහු සිවුර ගලවා තබා ගිහි සැප සොයා යන්නට තීරණය කරගෙන තිබිණි.
ශ්‍රී ලංකාවේ ප්රචණ්ඩ අන්තවාදය මැඬලීමේ පියවර ගැනීම: හෝඩි පොතක් - ආචාර්ය හරීන්ද විදානගේ
පාස්කු ඉරිදා ප්‍රහාරයට දැන් මාස තුනකට ආසන්නයි. උග්‍ර දේශපාලනික වාදවිවාද, අනාගත මැතිවරණ උණුසුම සහ කුමන්ත්‍රණ න්‍යායයන් තුළ, අනාගත ප්‍රහාරයන් වැළැක්වීම පිළිබඳ ඉදිරි උපායමාර්ග සහ ප්‍රතිපත්ති යටපත්ව ගොසිනි.
යුනෙස්කෝ ලෝක උරුම තෙත් කලාපීය වැසි වනාන්තරයක් වන සිංහරාජ රක්ෂියේ නැගෙනහිර රක්වාන කඳුවැටිය හා ඒ ආශ්‍රිතව පවතින්නා වූ වනාන්තර පද්ධතිය සූවිශේෂි ජෛව විවිධත්වයකින් යුක්ත වන අතර සිංහරාජයේ වෙසෙන අවසාන දැවන්තයන් දෙදෙනා වසරේ වැඩි කාලයක් සක්‍රීය වන ප්‍රදේශයකි.
සිරිසේනගේ ආසාව කිසිවකු හෝ එල්ලා මැරීම පමණි. බැරිවූවොත් ඔහුම එල්ලෙනු ඇත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගියදා නැවතවරක් සිහිබුද්ධියක් දැනුමක් තේරුමක් ඇති මිනිසුන්ට බඩ අල්ලන් හිනා විය හැකි ප්‍රකාශයක් සිදු කර තිබුණි. ඒ මරණිය දණ්ඩනයට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පනතෙහි තේරුම පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ චූදිතයන් ඉන් බේරාගැනිම සඳහා සිදු කළ එකක් බවට කළ ප්‍රකාශයයි. තමන් මොන තරම් තකතීරුවෙකු වුවත් ඒ ප්‍රදර්ශනය කිරීමට තීරණය කරනවා නම් එය කෙතරම් ගොං තකතීරු කමක්දයි කියන්න වචන නැත.
