රවීගේ මඩ කොන්ත්‍රාත්තුවෙන් තීනියාවල පාලිතට, හිරු සහ දෙරණට වැඩ වරදී ! Featured

Published in පුවත්
Thursday, 18 July 2019 15:32

ලංකා හොස්පිටල් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉවත් කිරීම නිසා මාසිකව උපයා ගනු ලැබු ලක්ෂ ගනනින් වන සල්ලි පොට්ටනිය අහිමි වීම දිරවා ගත නොහැකිව සිටින තීනියාවල පාලිත කහකඩධාරීයා දැන් උමතුවෙන් මෙන් කටයුතු කරමින් තිබේ.

මුදල් අමාත්‍යංශය දූෂිතම අමාත්‍යංශය බවත් මුදල් ඇමැති මංගල සමරවීර දූෂිතම ඇමැතිවරයා බවත් කියමින් පටන් ගත්ත් මේ උමතු චාරිකාවේදී ඉදිරිපත් කළ කරුණු කාරණා කවුරුන් හෝ ලබා දුන් ලණුවක් ගිලීම නිසා වූ බව පැහැදිලිවම පෙනෙන්නට තිබිණි. එමෙන්ම අප විසින් පෙර පවසා සිටියේ මේ චෝදනා සඳහා සාක්ෂි කිසිවක් ඉදිරිපත් නොකළ බවකි..

ඒ අනුව ඊයේ දිනයේදි තමන් සාක්ෂි ඉදිරිපත් කරනවා කියා තවත් බොරු බේගල් තොගයක් මාධ්‍ය හමුවේ ඇද බෑමට කටයුතු කෙරිණි. තීනියාවල් පාලිත මේ ගමන ගිල ඇත්තේ කවුරුන් හෝ ලබා දුන් නිකම්ම නිකම් ලණුවක් නොව තඩි නැව් කඹයකි.. ඇමැති මංගලට එරෙහිව එල්ල කළ චෝදනා සියල්ල කිසිදු පදනමක් නැති කාරණාය. හොරකමක් වංචාවක් වෙන්න ගියා යනුවෙන් ඉදිරිපත් කරන කාරණාද මේ අතර තිබීමෙන් පැහැදිලි වනේ මේ කහකඩයාගේ ඇති ද්වේශ සහගත භාවයයි..

පට්ටපල් බොරු

මේ වන විට විදේශගතව සිටින මංගල සමරවීර ඇමැතිවරයාගේන් මේ සම්බන්ධයෙන් අප කළ විම්සීමකද මේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කර සිටියෙය.

''මේ හාමුදුරුවෝ මට මඩ ගහන්නේ ඇයි ද කියන කාරණය දැන් රටම දන්නවා. මම උන්වහන්සේව ලංකා හොස්පිටල් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉවත්කළා. ඒ ප්‍රතිපත්තිමය තීරණයක් මත. මා යටතේ තියෙන කිසිම ආයතනයක අධ්‍යක්ෂ මණ්ඩලවලට පුජ්‍ය පක්ෂය පත්කරන්නේ නැහැ. එහෙම කරන එක වරදක් විදියටයි මම දකින්නේ.

මේ වගේ ඕනෑම කෙනෙකුට ඕනෑම වාචාල කතාවක් කියන්න පුළුවන්. එත් එවැනි බොරු ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් වගකිවයුතු මාධ්‍ය මිට වඩා සැලකිල්ලක් දක්වන්න තිබුනා. මේ කියන කාරණාවලට අදාල වකවානුවල විෂයබාර ඇමති මමවත් නෙමෙයි. අඩුම තරමින් මේ මාධ්‍ය එවැනි කාරනා ගැනවත් සොයා නොබලා මට එරෙහිව ද්වේශ සහගත ප්‍රචාරයක් ගෙන ගියේ මම එම මාධ්‍ය ආයතනවලට දැන්වීම් ලබාදෙන එක නවත්තලා තියන නිසා.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු එම රුපවාහිනී ආයතන දෙක විසින් ගෙනගිය ජාතිවාදී වෛරී මාධ්‍ය මෙහෙයුම නිසා මම ඒ ආයතන දෙකට දැන්වීම් දෙන්න එපා කියල මගේ යටතේ තියන ආයතන වලට දැනුම් දුන්නා.

පිටිපස්සෙ ඉන්න හොරා

කොහොමවුණත් පාලිත හාමුදුරුවන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් මම ලංකාවට පැමිණි වහාම මාධ්‍ය හමුවේ අනාවරණය කරන්නම්.

පාලිත හාමුදුරුවන්ගේ මඩ මෙහෙයුම පිටුපස සිටින දේශපාලනඥයින් කවුරුන්ද යන වගත් එවැනි පුද්ගලයින් පසුගිය කාලයේ සිදුකල ජනතා දේපල මංකොල්ලයත් මම එදාට හෙලිකරන්නම්. '' යයි ඇමතිවරයා කියා සිටියේය. පාලිත හාමුදුරුවන්ගේ මඩ මෙහෙයුම පිටුපස සිටින දේශපාලනඥයින් කවුරුන්ද යන වගත් එවැනි පුද්ගලයින් පසුගිය කාලයේ සිදුකළ ජනතා දේපල මංකොල්ලයත් මම එදාට හෙලිකරන්නම්. '' යයි ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මේ බොරු බේගල් දෙසා බෑමට එරෙහිව මංගල ඇමැතිවරයා විසින් මේ වන විටත් නීතිමය පියවර ගැනිමට කටයුතු කරමින් තිබේ.

අපහාසයට බිලියන 3ක්

ඒ අනුව තීනියාවල පාලිතට හා මේ බොරු කිසිදු වගකීමකින් තොරව ප්‍රචාරය කළ 'හිරු' සහ 'දෙරණ' මාධ්‍ය ආයතන දෙකට එරෙහිව රු බිලියනය ගනනෙ වන්දි ඉල්ලා නඩු පැවරීමට මේ වන විට කටයුතු කර තිබේ.

රවීගේ ඥාතියා

කොහොම නමුත් තීනියාවල පාලිත එල්ල කළ චෝදනාවලින් බරපතලම කාරණය වන්නේ රාජපක්ෂ පාලන සමයේදී පැවැත් වූ පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුලුව ( CHOGM ) සඳහා ගෙන්වනු ලැබු මර්සිඩීස් බෙන්ස් වාහන තුට්‍ටු දෙකට ව්‍යාපාරිකයන්ට විකුණා දැමීමට මුදල් ඇමැතිවරයා කටයුතු කළ බවටය. නමුත් මෙහි ඇත්ත කතාව නම් මේ වංචා සහගත ගනුදෙනුව සිදු කළේ පසුගිය රාජපක්ෂ පාලන සමයේදී වීමයි. මේ ගනු දෙනුවට මැදිහත් වූයේද වත්මන් භාණ්ඩාගාර ලේකම් එස්. ආර්. ආටිගල නැමැත්තා පුමුඛ නිලධරීන් කණ්ඩායමකි. එස්. ආර්. ආටිගල යනු රවී කරුණානායක ඇමැතිවරයාගේ සමීප ඥාතියෙකි. එවකට මුදල් අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයකු ලෙස ඔහු කටයුතු කළ අතර ඔක්තොර්බර් 26 කුමන්ත්‍රණකාරී ලෙස ආණ්ඩුව පෙරළා දැමීමෙන් පසුව මුදල් අමාත්‍යංශයෙ ලේකම්වරයා ලෙස පත්වූයේ ද මෙම ආටිගලමය. රාජපක්ෂලාත් රවී කරුණානායකලාත් අතර සම්බන්ධතාවය කෙතරම්ද යන්න පෙන්විය හැකි හොඳ උදාහරණයක් ලෙස මේ ආටිගල හැඳින් විය හැක.

CHOGM සදහා වූ අනිවාර්ය අත්පොතේ දක්වා ඇති මාර්ගෝපදේශයන්ට අනුව මෙම මෝටර් රථ ආනයනය කරන ලද අතර, රාජ්‍ය / ආණ්ඩු ප්‍රධානීන්, විදේශ අමාත්‍යවරුන්, නිලධාරීන් යනාදී වශයෙන් වෙන් කළ යුතු වාහන ප්‍රමාණය ඉතා පැහැදිලිව එම අත්පොතෙහි සදහන් කර ඇත. වාහන ගෙන්වීමේ සමස්ත ප්‍රසම්පාදන ක්‍රියාවලියම මහා භාණ්ඩාගාරය විසින් සිදු කරන ලදී. මර්සිඩීස් බෙන්ස් (MERCEDES BENZ) මෝටර් රථ 55 ක් . නිසාන් (Nissan) ටියානා මෝටර් රථ 55 ක් . නිසාන් ශිල්පි මෝටර් රථ 60 ක් . ටොයෝටා (Toyota) කොරොල්ලා රථ 60 ක් . ටොයෝටා කෝස්ටර් බස් රථ 30 ක් සහ යූ තොන් බස් රථ 100 ක් ගෙන්වා තිබේ

කොමිස් ගහපු හැටි

සමුලුව සඳහා ගෙන්වනු ලැබු තුන් සියයකට අධික සුඛෝපභොගී වාහන එම සමුලුවෙන් පසුව ඇමැතිවරුන් අතරේ බෙදා දීමට එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ තීරණය කළ නමුදු ඊට ජාත්‍යන්තරව බලපවත්වන නීති රීති නිසා සහ රජයට සිදුවන බිලියන ගනනක පාඩුව සලකා බැලීම හේතුවෙන් එය සිදු කිරීමට නොහැකි විය. ආනයනය කරන ලද මර්සිඩීස් බෙන්ස් වාහන, ඒවා ගෙන්වන නියෝජිතයින්ගේ තක්සේරු කිරීම්වලට අනුකූලව ගෙවිය යුතු සියලු මෝටර් රථ තීරුබදු ගෙවීමෙන් පසුව මහා භාණ්ඩාගාරය විසින් විකුණන ලදි. එසේම CHOGM සදහා ගෙන්වූ අනිත් සියලුම වාහන රජයේ සංස්ථා, අමාත්‍යාංශ වෙත බෙදා හරින ලදී.

අල්ලස් කොමිසමේ විමර්ශන

ඒ අනුව මෙම වාහන විකුණා දැමීමට මුදල් අමාත්‍යංශ‍ය වෙනුවෙන් මැදිහත් වුයේ මේ ආටිගල ඇතුලු පිරිසයි.. මර්සිඩීස් බෙන්ස් වාහන සියල්ල විකුණා දැමීමට කටයුතු කළ නමුදු ඒවා විකුණනු ලැබුවේ එවායේ වටිනා කමින් හරි අඩකටත් වඩා අඩු මුදලකටය. මේ වාහනයක වටිනාකම මිලියන 40 ක් 50 ක් අතර විය. නමුත් විකුණනු ලැබුවේ මිලියන 20 , 30 අතර මිළ ගනන් වලටය. රාජපක්ෂ පවුලේ හිතවතුන් ආධාරකරුවන් මෙන්ම ව්‍යාපාරිකයන් රැසකට මෙම වාහන විකුණනු ලැබුවේය. නමුත් රජයට ලැබුණේ ඊටත් වඩා අඩු මුදලකි. මන්ද ඊට හවුල් වූවන් මේ විකුණුම් හරහා විශාල ලෙස කොමිස් අය කර ගැනීමක් සිදු කර තිබූ බැවිණි. මේ සම්බන්ධයෙන් මේ වන විටත් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හමුවේ විමර්ශනයක් කෙරෙමින් ද පවතී.

හොරාගේ අම්මාගෙන් පේන ඇසීම

එසේම මෙම දූෂිත ගනු දෙනුව සම්බන්ධයෙන් සොයා බැලීමට වත්මන් ආණ්ඩුව පත් වීමෙන් පසුව එනම් රවී කරුණානායක මුදල් ඇමැතිව සිටිය දී කමි‍ටුවක් පත් කිරීමට තීරණය කළ අතර එය පැවැරුනේ තම ඥාතියා වූ මුදල් අමාත්‍යංශයේ ආටිගලටය. එය එසේ වූයේ ආටිගල මේ ගනුදෙනුවේ මැදිහත්කරුවකු බව නොදැන නොවේ. කමි‍ටුවටද ආටිගල ඇතුලත් විය. හොරාගේ අම්මාගෙන් පේන අසන්නාක් බඳු විමර්ශනයකින් පසුව එම කමි‍ටු වාර්ථාව මුදල් අමාත්‍යංශයට ලබා දී තිබිණි. එහෙත් පසුව කළ සොයා බැලීමකදී ආටිගලද මේ දුෂ්‍ය ගනුදෙනුවට හවුල් වී ඇති බවට තොරතුරු හෙළි විය. ඒ අනුව මෙම කමි‍ටු වාර්තාව මුදල් අමාත්‍යංශ ලේකම් සමරතුංග මහතා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය. තමන්වත් රාජපක්ෂවරුන්වත් මේ අයතා අගනුදෙනුවෙන් බේරා ගැනීමේ උත්සාහයක් එහි තිබී ඇත.

තීනියාවල පාලිත කහකඩයාට මේ සමුළුවේ වාහන ගැන තොරතුරු සපයන්නට ඇත්තේ ආටිගලගේ මැදිහවීම අනුව විය හැකිය. එහිදී ඔහු මේ කහකඩධාරියාවත් අන්දවා ඇති බවත් පැහැදිලිය. රාජපක්ෂ සමයේ වූ දුෂ්‍ය ගනු දෙනුවක් වත්මන් මුදල් ඇමැති මංගල සමරවීර මත පැටවීමට ගත් මේ බොළඳ උත්සාහය දැන් අපතේ ගොස් ඇත. අනෙක් චෝදනා සම්බන්ධයෙනුත් ඇත්තේ මෙවැනි පදනම් විරහිත චෝදනාය.

දුෂිත ඇමැති

රාජපක්ෂ සමයෙන් පසුව මුදල් අමාත්‍යංශය නොම්මර එකේ දූෂණ ගුහාවක් බවට පත් වූයේ එවක මුදල් ඇමැති රවී කරුණානායක සමයෙය..මහ බැංකු බැඳුම්කර චෝදනා මෙන්ම අර්ජුන් ඇලොසියස් වැනි ව්‍යාපාරිකයන්ට ලබා දුන් අයතා සහන මෙන්ම ඔවුන්ගේ ලබා ගත් සංතොසම් ගැනද ලෝකය හමුවේ සක්ෂි සහිතව ඔප්පු වූයේය. ඇමැති රවීට මුදල් ඇමැතිකම අහිමි වුයේ ඔහුගේ දුෂිත චර්යාව හෙළිවීම නිසාය.

තීනියාවල පාලිත කහකඩධාරියා ඇමැති මංගලට එරෙහිව බොරු චෝදනා රැසක් එල්ල කිරීමෙන් පසුව කියන්නේ රවී කරුණානායක් හිටියා නම් මෙහෙම වෙන්නෙ නැති බවය. කරුණානායක ඇමැතිවරයා සහ මේ කහකඩධාරියා අතර ඇති හිතවත් කම කිසිවකුට රහසක් නොවේ. මොහුව මෙහෙයවන්නේ ද මේ ඇමැතිවරයා විසින් බවද ඉතා පැහැදිලිය.

කහකඩ පෙරේතකම

ලංකා හොස්පිටල් හී අධ්‍යක්ෂ තනතුරක් ලබමින් තමන් උපයා ගනු ලැබූ මුදල් කන්දරාවත් තමන්ගේ සහොදරයා යොදවා ඇමැතිවරයාගේ සහයෙන් සිදු කෙරුණු අයතා ගනු දෙනු වලින්ද මෙ කහකඩධාරියා අද ලොකු පොහොසෙතෙක් වී සිටී. පන්සලෙ පින් කැට පිරෙන තරමට මෙ කහකඩයන් කෙතරම් ප්‍රීතියට පත් වන්නෙද ඊට වඩා සිය දහස් ගුණයකින් මේ අයතා ගනු දෙනුවලින් උපයා ගත් මුදල්වලින් ප්‍රීතියට පත් වන්නේය. එය අහිමි වීම කාට වුව දරා ගැනීමට අපහසුය. බුදුදහම විසින් උගන්වන්නේ අත් හරීම ගැනය. ඒ නිසා තිනියාවල පාලිත කහකඩ පොරවාගෙන සිටියාට ඒ අස්සෙ ඉන්නෙ නියම බුද්ධ පුතුයකු නොවේ. ඒ දූෂිතයෙකි. බොරුකාරයෙකි. තක්කඩියෙකි. එහෙව් අයට තමන්ගේ ලක්ෂ ගනනින් වන ආදායම් මාර්ග අහිමි වන විට වියරුවෙන් පිස්සු කෙලීම සාධාරණය. එහෙත් බුදු දහමට එරෙහිව, සංඝ විනය නිතිවලට එරෙහිව සමාජය පිළිගන්නා සදාචාර සම්පන්න භාවිතාවන්ටත් එරෙහිව කටයුතු කරමින් සිටින තීනියාවල පාලිත කහකඩධාරියා මේ කරන චෝදනා මෙන්ම නහයෙන් ඇඬීම ගැන නම් කිසිදු බෞද්ධයෙකුට එකඟ විය නොහැක.

තමන්ගේ දුකට හේතුව මෙම අයතා ගනු දෙනු නිසා බව සියලු රට වැසියො හමුවේ හෙළිදරවී තිබියදී ඇමැතිවරයකු ගත් නිවැරදි ප්‍රතිපත්තිමය තීන්දුව මත තමන්ට ආදායම් අහිමිවූවා කියමින් කරන මේ නටන නාඩගම සංඝ සාසනයටත් නිගාවක් බවද කිව යුතුයි.

එමෙන්ම් තව දෙයක් කිව යුතුව තිබේ. අනෙක් ඇමැතිවරයකුට කෙතරම් චෝදනා කළත් ඒ කිසිවකින් රවී කරුණානායක සුද්ධ වන්තයකු නොවෙන බවත් මේ කහකඩධාරියාට අවධාරණය කළ යුතුය.

 සැබැඳි පුවත්.

රවීගේ ගොට්ටෝ තීනියාවල පාලිත සමඟ ජාතිවාදය සරණ යයි.

තීනියාවල පාලිත කහකඩධාරියා යහපාලනය උලා කෑ හැටි. (ප්‍රේතකථා වස්තුව)

රවී ගමට කරපු එක වැඩක් කියන්න ? - මංගල අභියෝග කරයි...

Last modified on Thursday, 18 July 2019 15:39

Leave a comment

ld add copy

Gossip

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභා රැස්වීමක් පසුගිය 27 වෙනිදා පැවැත්විලා තිබුණා. ඒ, හිටපු ජනාධිපති...

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

Connet With Us