subash

subash

පෞද්ගලික අංශයේ සේවකයින්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කිරීමට අවශ්‍ය නීති සම්පාදනය කිරීමට කම්කරු කොමසාරිස්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කර තිබේනවා.

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ නව නිෂ්පාදනාගාරය විවෘත කිරීම සහ නව ඖෂධයක් නිෂ්පාදනය ආරම්භ කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවට වඩා සුවය ලබා රෝහල්වලින් පිටව යන සංඛ්‍යාව වැඩි බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහතා පවසනවා.

මහර බන්ධනාගාර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා පත්කළ කමිටුවේ පූර්ණ වාර්තාව එළඹෙන 30 වැනිදා විෂය භාර අමාත්‍යවරයා වෙත භාරදීමට නියමිතයි.

රැවටිලිකාර දේශපාලනයට ආයුෂ නැති බවත්, ආණ්ඩුවට නුදුරේදීම එය අත් විදින්නට සිදුවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නැගෙනහිර පර්යන්තය වෙනත් රටකට විකිණීමේ කිසිඳු සැලසුමක් නැති බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජනරාල් දයා රත්නායක මහතා පවසනවා.

මේ දිනවල එක්සත් රාජධානියේ පැතිර යන කොවිඩ් 19 නව වෛරස් ප්‍රභේදය හේතුවෙන් එරට සිට මෙරටට මගීන් පැමිණීම ඊයේ (22) සිට තාවකාලිකව නතර කිරීමට රජය තීරණය කර තිබෙනවා.

මොනර පිලක අරුමේ
කෙස් කලඹක වරුනේ
රුබර ලලනාවෝ
දිදුලන කෙස් මෑවූ....
සිසිලස සලසන
රුව ඔප් නංවන
රුබර ලදුනගෙ
වරලස ඔබ මෑවූ...

අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේ නිල කාලය දීර්ඝ කර ඇත.

කොරෝනා අසාදනය වී මියගිය මුස්ලිම් ජාතිකයන්ගේ මළසිරුරු භූමදානය කිරීම සම්බන්ධයෙන් නිශ්චිත තීරණයක් ලබාදෙන තෙක් එම මළසිරුරු අධිශිත කන්ටේනර් තුළ තැන්පත් කර තැබීමට රජයේ අනුමැතිය හිමිව තිබෙනවා.

Connet With Us