subash

subash

පාඨලි චම්පික රණවක දැන්ම තියා 2024 ජනධිපතිවරණයට සූදානම් වීම වෙනුවෙන් එකතුකරමින් යන මතවාදය සිංහල ජාතිකවාදය මත පදනම් වූ ලිබරල් අච්චාරුවක් බවත් තවත් තැනෙක ඔහු ගෝත්‍රිකත්වයෙන් නොමිදුනු පැසිස්ට්වාදී ආකල්ප සහිත තැනක සිටගෙන සිටින බවටත් විවේචන ඉදිරිපත් වෙමින් තිබේ.

කොරෝනා අසාදනය මත ජීවිතක්ෂයට පත්වන ඉස්ලාම් ආගමිකයන්ගේ දේහයන් භූමිදානයට ඉඩ නොදෙන්නේ වර්ගවාදී පදනමෙන් මිසක් විද්‍යාත්මක පදනමකින් නොවේය යන්න අධිකරණ ඇමැති අලි සබ්‍රි මහතා යූ ටියුබ් නාලිකාවකට කර තිබෙන පැහැදිලි කිරීම අනුව හෙළිවන සත්‍යයි. (අලි සබ්‍රී මහතා කළ ප්‍රකාශය පහත දැක්වේ.)

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකය නැතිනම් අනාගත නායකය වීමට ලක ලැහැස්ති වී සිටින රුවන් විජේවර්ධන මහතා පසුගියදා (13) බදුල්ලේ
පක්ෂ ප්‍රතිසංවිධාන වැඩසටහනක දී අපූරු ප්‍රකාශයක් සිදු කර තිබේ. ඒ නැවත එජාප ආණ්ඩුවක් පිහි‍ටුවා ගැනීම ගැනය.

මේ වන විට බන්ධනාගාර කොවිඩ් 19 ආසාදිත සංඛ්‍යාව 3,000 ඉක්මවා ගොස් තිබෙන බව වාර්තා වෙනවා.

කුසලතාවයට, දක්ෂතාවයට මුල්තැන දෙන මනුස්සකම රජයන රටක් නිර්මාණය කිරීම සිය ඒකායන අරමුණ බවත් ඒ වෙනුවෙන් ඇප කැපවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කර තිබේ.

රුපියල් ලක්ෂ 140 ක් පමණ වටිනා කැතේන් මත්ද්‍රව්‍ය තොගයක් රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගංදර පොලිස් ස්ථානයේ සැරයන් වරයෙකුගේ පිස්තෝලය ක්‍රියාත්මක වීමෙන් එම පොලිස් ස්ථානයේ සිර මැදිරියේ රදවා සිටි සැකකරුවෙකු තුවාල ලැබු බව වාර්තා වෙනවා.

මධ්‍යම අධිවේගී මාර්ගයේ 3වන කොටස වන පොතුහැර සිට ගලගෙදර දක්වා දිවෙන මාර්ගයේ ඉදිකිරීම් කටයුතු අද ආරම්භ කළා.

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (19) පෙරවරු 09.00 සිට පැය 18ක කාලයක් අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවහන මණ්ඩලය පවසයි.

රාජ්‍ය සේවයේ ආකාර්යක්ෂමතාවයන් සහ දූෂිත පරිපාලනය ගැන මහජනතාවගෙන් චෝදනා එල්ල වන්නේ අ‍ද ඊයෙක සිට නොවේ. රාජ්‍ය ආයතන නිලධාරියකුට ජරාවක් නොදී වැඩක් කරගන්න බැරි බව සමාජයේ පැලපදියම් වුණු මතයක් ඇත්තේද ඒ නිසාය.

Connet With Us