එජාපයේ ආණ්ඩු ඇල්ලීම Featured

Saturday, 19 December 2020 19:58

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකය නැතිනම් අනාගත නායකය වීමට ලක ලැහැස්ති වී සිටින රුවන් විජේවර්ධන මහතා පසුගියදා (13) බදුල්ලේ
පක්ෂ ප්‍රතිසංවිධාන වැඩසටහනක දී අපූරු ප්‍රකාශයක් සිදු කර තිබේ. ඒ නැවත එජාප ආණ්ඩුවක් පිහි‍ටුවා ගැනීම ගැනය.

පසුගිය මහ මැතිවරණයෙන් ලැස්තු මන්ත්‍රීධුරයක් පමණක් දිනාගත් පක්ෂයකට නැවත ආණ්ඩුවක් පිහි‍ටු වීම ගැන දවල් හීනයක්වත් පෙනෙන්නේ කොහොමදැයි තේරෙන්නේ නැත.

ඒක කොහොම වෙතත් රුවන් කියන්නේ මේ වන විට ආණ්ඩුව පිරිහී ඇති බවය. ඒ පිරිහීම මත එජාපය නැවත මනාව සංවිධානය වී බලය අත්පත් කරගැනීමට සූදානම් විය යුතු බව ඉතිරි වී සිටින සොච්චම් පාක්ෂිකයන් කිහිප දෙනෙකු හමුවේ පැවැසීම මරු විහිළුවකි. වත්මන් ආණ්ඩුව පිරිහෙණවාද රටේ පිරිහිණු තැන් නැවත සකසමින් රටට සෞභාග්‍යය උදාකර ගැනීම වෙනුවෙන් වැඩ පටන්ගෙන තිබෙනවාද යන්න ජනතාවට නම් මනා අවබෝධයක් තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන ගනන් හැදීම වැරදිය. මීට කලකට පෙර නම් රනිල් වික්‍රමසිංහ දේශපාලන ගනන් හැදීමේ දක්ෂයකු විය. එහෙත් ඒ 2015 පසුව අහෝසි විය. ඔහු හය හතර නොදන්නා බබෙකු විය. හත්පොළේ ගාගත්තේය. 2019 වසර රනිල් නැත්තටම නැති කළේය. අනෙක් කාරණය රනිල්ගේ දේශපාලන දැනුමට වත්මන් දේශපාලනය අහුවන්නේ නැත. රටේ ජනාධිපති සාම්ප්‍රදායික දේශපාලනඥයකු නොවේ. ඔහුගේ පාලන විධික්‍රමය වෙනස්ය, භාවිත උපක්‍රමයන් වෙනස්ය. ඔහුගේ ඉලක්කය වෙත ගමන් කිරීම හැර ඔහුට වෙන ගේම් නැත. තීන්දු තීරණ ගන්න බිය නැත, වැනෙන්නේ නැත. කොරෝනා වසංගත තත්වයන් හමුවේ රටේ ක්‍රියාකාරිත්වය අඩපණව තිබියදීත් ඔහු සාර්ථකත්වයන් පෙන්වා තිබේ. රටේ ආර්ථිකය අඩපණකර රට බටහිර රාජ්‍යයන්වල ගොදුරක් කරගන්න ජාත්‍යන්තර මුල්‍ය සංවිධාන පවා දැඩි වෙහෙසක් ගනිමින් තිබියදී ඒ බලපෑමට යට නොවී රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට අපේම වූ ආර්ථික ප්‍රතිපත්තියක් අත්හදා බලමින් ගෝඨාබය රාජපක්ෂ ගන්න උත්සාහය එක අතකින් ඓතිහාසිකය. මන්ද එවැනි උත්සාහයන් කඩාකප්පල් කිරීමට හැමදාමත් විරුද්ධවාදීන් කටයුතුකර තිබෙන වටපිටාවක ඊට යටත් නොවී කටයුතු සිදුකරමින් සිටින නිසාය. ඔහුගේ අවංක උත්සාහය ජනතාව හොඳින්ම දනී. ගමින් ගමට ගොස් ජනතාව හමුවී ඔවුන්ගේ අදහස් උදහස් සමඟ සාකච්ඡා කරමින් ඔහු තීන්දු තීරණ ගනි. මෙහෙම නායකයන් මීට පෙර සිටියේ නැත. එහෙම නායකයකු අහිමි කරගන්න මේ රටේ මිනිස්සු කවදාවත් ඉඩ දෙන්නේ නැත. තමන් ගැන හිතන, තමන්ගේ දුක හඳුනන, තමන්ගේ ප්‍රශ්නයට ස්ථිර සාර උත්තර දෙන රජෙක් අහිමි කරගන්න මේ රටේ මිනිසුන් කැමැති වෙන්නේ නැත. ඒක රනිල්ට, රුවන්ට තේරෙන්නේ නැත.

මේ නිසා එක්සත් ජාතික පක්ෂය හෝ වේවා චම්පික සජිත්ලා හෝ වේවා ආණ්ඩුව පෙරළන්න ගන්නා උත්සාහය ජනතාව විසින්ම වලක්වනු ලබන බව සහතිකය. පසුගිය යහපාලන යුගයේදී මේ පිරිස් දැක්වූ අසමත්භාවයන් තවමත් මිනිස්සුන්ට අමතක ද නැත. එහෙව් දේශපාලන පක්ෂවලට ඡන්දය දෙන්න මිනිස්සුන්ට පිස්සු නැත. දේශපාලනය කරනවා කියා විපක්ෂය පුරුද්දට ආණ්ඩුව පෙරළනවා පෙරළනවා කියා නන්දෙඩවූවද ඒවා විහිළුවට ගන්නවා විනා දැන් ජනතාව ඒ ගැන බරපතල ලෙස කල්පනා කරන්නේ නැත.

 

-the novemberist

Leave a comment

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us