රාජ්‍ය ආයතන අලුත් වෙයි. දූෂිතයන් පන්නයි. Featured

Friday, 18 December 2020 14:36

රාජ්‍ය සේවයේ ආකාර්යක්ෂමතාවයන් සහ දූෂිත පරිපාලනය ගැන මහජනතාවගෙන් චෝදනා එල්ල වන්නේ අ‍ද ඊයෙක සිට නොවේ. රාජ්‍ය ආයතන නිලධාරියකුට ජරාවක් නොදී වැඩක් කරගන්න බැරි බව සමාජයේ පැලපදියම් වුණු මතයක් ඇත්තේද ඒ නිසාය.

රාජ්‍ය නිලධාරීන් සියලු දෙනා එහෙම නොවුණත් බොහො දෙනා හැඩ ගැසී ඇත්තේ ජරාවක් නැතිනම් වැඩ නොකර දීමටය.රාජ්‍ය යාන්ත්‍රණයම පොදුවේ අකාර්යක්ෂම දූෂිත බව අපි දන්නා ඇත්ත නමුත් මේවා වෙනස් කරන්නට මේ දූෂිතයන් ඉඩක් දුන්නේද නැත. නිලධාරී මා‍ෆියාව සහ වෘත්තීය සංගම් මා‍ෆියාව හැමදාමත් මේ ජරාජීර්ණ ක්‍රමවේදයන් පවත්වාගෙන යන්නට උත්සහ කළේය.

වත්මන් ජනපති ගෝඨාභය රජපක්ෂ මහතා පෞද්ගලිකවම ගොස් සොයා බැලූ මොටර් රථ වාහන දෙපාර්තමේන්තුවේ කටයුතු සම්බන්ධයෙන් ජනතාව තුල ඇත්තේ විශාල කළ කිරීමකි. මේ ආයතනය රාජ්‍ය යාන්ත්‍රණයේ තිබෙන දූෂිතම ආයතන වලින් කිහිපයකි. ජනාධිපතිවරයාට මේ සම්බන්ධයෙන් තිබූ අවබෝධය මත මෙම ආයතනයේ දූෂිත අක්‍රමවත් ක්‍රියාපිළිවෙත වෙනස් කිරීම සඳහා යොජනාවන් පවා සිදු කළද මේ ඇතැම් දූෂිත නිලධාරීන් ඊට ඉඩක් දුන්නේ නැත. තමන්ට සුපුරුදු පරණ විදිහටම එම කටයුතු සිදුකරමින් යෑමට නිතර මාන බැලුවේය.

මෙම ආයතනය පමණක් නොව වෙනත් රාජ්‍ය ආයතනයක් සම්බන්ධයෙන් වුවද ජනාධිපති නොව සක්කරයා ඇවිත් කිව්වත් ඒවා එහෙම වෙනස් කරන්න බැරිව තිබිණි. මේවායේ අ‍ටුවම් බැහැපු දූෂිතයන් ඒ සියල්ලන්ට වඩා බලවත් ලෙස නැගී සිටීයේය.

එහෙත් ඒ කාලේ දැන් අහවරය. ගෝඨාභය ජනාධිපතිතුමා තමන් කවුද යන්න දැන් පෙන්වා දී තිබේ. විනය ගරුක නීති ගරුක රටක් හැදීම වෙනුවෙන් තමන්ගේ ඇති සෘජු ප්‍රතිපත්තිය, අවංක වුවමනාව ඔහු පෙන්වා ඇත.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි මෝටර් රථ දෙපාර්තමෙන්තුවේ සේවකයන් 600 ක් වෙනත් රාජ්‍ය ආයතනවලට මාරු කිරීමට තීරණය කර තිබේ. ජනතාවගෙන් ලැබුණු අල්ලස් පැමිණිළි සලකා බලා මේ තීන්දුව ගෙන තිබේ. අල්ලස් චෝදනා ලැබූවන්ට නෛතික ක්‍රියාමාර්ග පවා ඉදිරියේදී ගනු ලැබිය හැකිය. රාජ්‍ය සේවකයාගේ වගකීම යුතුකම ගැන අලුත් පාඩමක් සමස්ත රාජ්‍ය සේවයටම මේ අනුව ලැබෙනු ද ඇත.

සමස්ත රාජ්‍ය සේවයේම ප්‍රතිසංස්කරණයක් මේ රටේ සංවර්ධනය කෙරෙහි අත්‍යවශ්‍යම කාර්යය බව යළි අවධාරණය කළ යුතු නොවේ. එය විය යුතුමය. අද ගත් ක්‍රියා මාර්ගය නිසා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එය සිදුකරනු ඇති බවට යළිත් විශ්වාසය තැබිය හැකිය.

Leave a comment

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us