subash

subash

බයියන් මුහුණ දී සිටින්නේ උභ‍තෝකෝටික ගැටළුවකටය. ( බයියන් යනුවෙන් මේ මොහොතේ අමතන්නේ අපහාසයකට නොව එම පාර්ශ්වය විසින්ම තමන් බයියන් ලෙස හඳුන්වා ගැනීම සිදු කෙරෙන බැවිණි) එනම් ගැටළුකාරිත්වය හමුවේ පිළිතුරු දෙකක් තිබෙන අතර වඩා නිවැරදි පිළිතුර තෝරාගැනීමේ ගැටළුවක් පැන නැඟීමය.

කොවිඩ් -19 වෛරස ආසාදිතයන් 686 දෙනෙකු අද (24) දිනයේ පූර්ණ සුවය ලැබූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. 

ජනතාවට ජීවත් වෙන්න බැරි තරම් වේගයෙන් බඩු මිල ඉහළ යන බවත්, කොරෝනා තත්ත්වය නිසා අර්බුදය තවත් උග්‍ර වී ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසනවා.

පවතින කොවිඩ් වසංගත තත්ත්වය ව්‍යාප්තිය වැළැක්වීමේ අරමුණින් ආර්ථික මධ්‍යස්ථාන සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

හෙට දිනට යෙදී ඇති නත්තල් උත්සවය නිමිත්තෙන් සුරාබදු බලපත්‍ර ලත් දිවයින පුරා පිහිටි සියලුම මත්පැන්හල් වසා තැබිය යුතු බව සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙනවා.

උත්සව සමය වෙනුවෙන් සමෘද්ධිලාභී පවුල්වලට සහන පොලී අනුපාත මත සහන ණය ලබාදීමට රජය පියවර ගෙන තිබෙනවා.

උත්සව සමයේ රට වසනවායැයි පැතිර යන කටකතා වල කිසිදු සත්‍යතාවයක් නොමැති බව යුද හමුදපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජනතාවට දැනුම් දෙයි.

මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට දිවයිනේ සෑම ප්‍රදේශයකටම බස් රථ සේවා ආරම්භ කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය සැලසුම් කර ඇති බව ප්‍රවාහන අමාත්‍ය ගාමිනි ලොකුගේ මහතා පැවසනවා.

සේනා දළඹු ව්‍යාප්තිය පාලනයට හදුන්වා දුන් වෛරස් ප්‍රභේදය කඩිනමින් ගොවි ජනතාව අතට පත් කරන්නැයි රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක උතුරු මැද පළාත් කෘෂිකර්ම නිලධාරීන්ට උපදෙස් ලබා තිබෙනවා.

පොලිසිය විසින් ක්‍රියාත්මක විශේෂ මෙහෙයුමේදී බීමත් රියැදුරන් 350කට ආසන්න සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන තිබේන බව වාර්තා වෙනවා.

Connet With Us