subash

subash

බරපතල වැඩ සහිතව ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියමවී සිටි පූජ්‍ය ඌවතැන්නේ සුමන ස්වාමීන්වහන්සේට ජනාධිපති සමාව ලබා දී තිබෙනවා.

විදෙස් සංචාරකයින් ඇතුළු සියලු ව්‍යාපාර සදහා පැමිණෙන ගුවන් යානා සදහා ජනවාරි 22 වනදා සිට ගුවන්තොටුපොළ විවෘත කිරීමට පියවරගන්නා බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා පවසනවා.

ශීත කළ සුදු පොල් මද ආනයනය කිරීමට පොල් සංවර්ධන අධිකාරියේ අනුමැතිය හිමිවුණා.

මෙරට තුළ කොරෝනා වෛරසය වෙනස්වීමට ලක්වන්නේදැයි නිරන්තරයෙන් සොයා බලන බව රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුලේලේ පවසයි. ඇය සඳහන් කළේ, ඒ සඳහා රසායනාගාර ආශ්‍රිත පුළුල් පර්යේෂණ ක්‍රියාත්මක බවය.

පාරිභෝගිකයින්ට අත්‍යවශ්‍ය ආහාර ස්ථාවර මිලකට ලබා ගැනීමට පහසුකම් සැලසීමේ අරමුණින් අත්‍යවශ්‍ය ආහාර වර්ග 10ක් ස්ථාවර මිලක් යටතේ පවත්වා ගෙන යාමට වෙළෙඳ අමාත්‍යාංශය තීරණය කර තිබේ. එම ස්ථාවර මිල ගණන් මාස 6 ක කාලයක් පවත්වා ගැනීමට අපේක්ෂිත බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ ය.ස්ථාවර මිලක් යටතේ අත්‍යවශ්‍ය ආහාර වර්ග සැපයීමට හැකි සැපයුම්කරුවන්ගෙන් ටෙන්ඩර් කැඳවීම ඉදිරි දිනවල සිදු කිරීමට නියමිතයි.
සහල්, පිටි, සීනි, පරිප්පු, ලූණු, කඩල, හාල්මැස්සන්, ටින් මාළු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර වර්ග 10ක් මෙලෙස ස්ථාවර මිලක් යටතේ මාස 6 ක කාලයක් පාරිභෝගිකයින් වෙත අලෙවි කෙරෙනු ඇති.
ඔහු පැවසුවේ අදාළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය දිවයින පුරා පිහිටි සතොස සහ සමුපකාර අලෙවි සැල් මගින් පාරිභෝගිකයින් වෙත අලෙවි කිරීමට අපේක්ෂිත බවයි.

බොරැල්ල තැපැල් ස්ථානාධිපතිවරයාට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී තිබිම හේතුවෙන් තවත් තිදෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව තැපැල්පති රංජිත් ආරියරත්න සදහන් කරනවා.

ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තීරණය කිරීමටත් පෙර සිටම ගෝඨා ආවොත් හමුදා පලනයක්, මිලිටරි පාලනයක්, හිට්ලර් පන්නයේ පාලනයක් ඇතිවෙනු ඇතැයි කියන මතය බරපතල ලෙස සමාජ ගත් වී තිබිණි.

රුවන්ඩාවෙන් පැමිණි විශේෂ කණ්ඩායම සිදුකරනු ලබන්නේ තාක්ෂණික සහයක් ලබාදීම පමණක් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.

කෘෂිකර්මාන්තය ශක්තිමත් කිරීමට "වාරි සෞභාග්‍යයා" වැඩසටහන තුළින් පුත්තලම දිස්ත්‍රික්කයේ වැව් 200 කට අධික සංඛ්‍යාවක් සංවර්ධනය කිරීමට මේ වනවිටත් කටයුතු සූදානම් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා සදහන් කර ඇත. අමාත්‍යවරයා මේ බව සදහන් කරේ පුත්තලම දිස්ත්‍රික්කයේ වැව් සංවර්ධනය සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ වැටලීමකදී කොකේන් මිලිග‍්‍රෑම් 770 ක් සහ අයිස් මිලිග‍්‍රෑම් 550 ක මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Connet With Us