subash

subash


ජාතික ගෑස් සමාගමක් පිහිටුවීමට රජය ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන තිබේ. මෙම සමාගම හරහා ස්වාභාවික ගෑස් පිලිබඳ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම රජයේ අරමුණ වේ. ජාතික ගෑස් ප්‍රතිපත්තිය බලශක්ති අමාත්‍යංශය විසින් සකස් කරනු ඇත.

ගෑස් කර්මාන්තය පිළිබඳ සියලු කටයුතු මෙම ගෑස් සමාගම විසින් ක්‍රියාත්මක කිරීමට නියමිතය. ජාතික ගෑස් සමාගමේ ප්‍රතිපාදන සම්පූර්ණයෙන්ම රජය විසින් දරනු ඇත.

2030 වන විට බලශක්තිය පාවිච්චියට ගන්නා සියලු අංශවල අවශ්‍යතාවයෙන් අවම වශයෙන් 30%ක් ස්වාභාවික ගෑස් මත යැපෙන වටපිටාවක් සැකසීම එම සමාගමේ සහ ජාතික ගෑස් ප්‍රතිපත්තියේ ඉලක්කය වේ.

රත්නපුර මහ රෝහලේ කොරෝනා අසාදිතයින් වාර්තාවීමත් සමග රෝහලේ වාට්ටු 3 ක් වසා දැමීමට පියවර ගෙන ඇති බව රත්නපුර මහ රෝහලේ අධ්‍යක්ෂවරයා පවසයි.

පවතින කොරෝන අර්බුදය මර්දනය කිරීම සදහා ශ්‍රී ලංකා රජය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග යම් මට්ටමකට සාර්ථකව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත රාසියා පෙන්සර් ප්‍රකාශ කර තිබෙනවා.

 ඇමරිකාව උණුසුම් වේ

Published in පුවත්
Thursday, 07 January 2021 10:57

වොෂින්ටනය තාවකාලික වසා දැමීමට පියවර ගෙන ඇති බව CNN පුවත් සේවය වාර්තා කරනවා.

රට තුළ පවතින වසංගත අර්බුධය හේතුවෙන් පළාත් සභා මැතිවරණය කල්දැමීමට සිදුවන බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කඹුරුපිටිය ප්‍රදේශයේ පැවැති රැස්වීමක් අමතමින්. නව මැතිවරණ ක්‍රමයක් ඔස්සේ ඉදිරියේදී පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අපේක්ෂා කරන බව අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර තිබේ.

කොවිඩ් වෛරසයට ප්‍රතිකාර පිණිස ඉන්දියාව නිෂ්පාදනය කරන එන්නත සෙසු රටවලට සැපයීමේ දී ශ්‍රී ලංකාවට ප්‍රමුඛත්වය දීමට සූදානම් බව ඉන්දීය විදේශ සබඳතා අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් ප්‍රකාශ කර තිබෙනවා.

119 පොලිස් හදිසි ඇමතුම් අංකය අමතා ව්‍යාජ තොරතුරු ලබාදී පොලීසිය නොමග යැවූ පුද්ගලයෙකුව අත්අඩංගුවට ගෙන තිබේනවා.

බෞද්ධ දහම් පාසැල් ජනවාරි 17වනදා සිට යළි ආරම්භ කිරීමට තීරණය කර තිබෙන බව නිවේදනයක් නිකුත් කරමින් බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව පවසයි. පවතින වසංගතය හේතුවෙන් දහම් පාසැල් තාවකාලිකව වසා දැමුණා. නමුත් හුදෙකලා කළ ප්‍රදේශයන්හි පිහිටි දහම් පාසල් ආරම්භ කිරීමේ හැකියාවක් නොමැති බවයි බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

n

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය කළමනාකරණය කිසිදු විදේශීය සමාගමකට පැවැරීමට තීරණය කර නැති බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුව හමුවේ සහතිකයක් ලබාදෙන ලදී.

පාසැල් සිසුන් සදහා 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා අවශ්‍ය සියලුම පෙළපොත් අධ්‍යාපන අමාත්‍යංශයේ වෙබ් අඩවිය ඔස්සේ ලබාගැනීමට පහසුකම් සලසා ඇති බව අධ්‍යාපන අමාත්‍ය ජි.එල්.පිරිස් පවසනවා.

Connet With Us