බෞද්ධ දහම් පාසැල් ජනවාරි 17වනදා සිට යළි ආරම්භ කිරීමට තීරණය කර තිබෙන බව නිවේදනයක් නිකුත් කරමින් බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව පවසයි. පවතින වසංගතය හේතුවෙන් දහම් පාසැල් තාවකාලිකව වසා දැමුණා. නමුත් හුදෙකලා කළ ප්‍රදේශයන්හි පිහිටි දහම් පාසල් ආරම්භ කිරීමේ හැකියාවක් නොමැති බවයි බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.


