subash

subash

අද දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 656ක් සුවය ලබා තිබෙනවා. ඒ සමග මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 40,000 ඉක්මවා ගොස් ඇති බව වාර්තාවේ.

COVID-19 එන්නත ලබා දීමේදී ප්‍රමුඛතාවය ලබා දෙන ප්‍රධාන කණ්ඩායම් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් හඳුනාගෙන ඇති බව අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි ඊයේ පාර්ලිමේන්තුවට පැවසීය.

ශ්‍රි ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නේවාසික නියෝජිත රොබට් ජුහ්කාම් මහතා අද (08) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවූ අතර එහිදී ගෝලීය මානව සංවර්ධන වාර්තාව (HDR 2020) විපක්ෂ නායකවරයා වෙත නිල වශයෙන් භාර දී තිබෙනවා.

ජනවාරි 25 වැනිදා සිට උපකාරක පන්ති ආරම්භ කිරීමට සුදානම් බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.ඒල් පීරිස් අද පාර්ලිමේන්තු සභාවේදී ප්‍රකාශ කර තිබෙනවා.

සුළු හා මධ්‍ය පරිමාන සහල් නිෂ්පාදකයන්ට ණය පහසුකම් ලබාදීමට පියවර ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අදාළ රජයේ බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

මෙවර මහ කන්නයේ වී නිශ්පාදනයෙන වී මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලය සූදා නම් වේ. මීට පෙර වසර වලදී සාමාන්‍යයෙන් වී මිලදී ගැනීම මෙට්‍රික් ටොන් ලක්ෂ 2ක්ට පමණ සීමා වී තිබිණි. වැඩිපුර වී මිලදී ගැනීම වෙනුවෙන් ගබඩා පහසුකම් සංවර්ධනය කිරීම පසුගිය වකවානුවේදී සිදු කිරීමටද කටයුතු කර තිබේ.

පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ දිනයේ (07) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබෙනවා.

මහර බන්ධනාගාර නොසන්සුන්තාවේදී මියගිය රැඳවියන් 11 දෙනාම මිය ගොස් ඇත්තේ වෙඩි වැදීමෙන් බව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළි වී තිබේන බව වාර්තා වෙනවා.

සද්භාවයෙන් ජනතාවට සේවය කරපු කිසිම රාජ්‍ය නිලධාරියෙකුට දඬුවමක් දෙන්න බැරි ව්‍යවස්ථානුකූල ආරක්ෂාව ලබාදීමට බලාපොරොත්තුවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඊයේ (07) අරලියගහ මන්දිරයේ ප්‍රධාන ශාලාවේ දී පැවැසීය.

මුඛ ආවරණ පැළදීමකින් තොරව මාළු වෙළදාමේ නිරතවූ 136 දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

Connet With Us