subash

subash

කොළඹ වරායේ, නැගෙනහිර පර්යන්තය විකිණීම හෝ බදු දීම හෝ නොකරන නමුත් ශ්‍රී ලංකා රජයට 51% අයිතිය සහ ඉතිරි 49% ඉන්දීයාවේ “අදානි” සමාගමටත්, වෙනත් පාර්ශ්වයන්ටත් කොටස්කරුවන් වශයෙන් හවුල් විය හැකි ආයෝජනයක් ලෙස පර්යන්තය සංවර්ධනය කිරීම සැලසුම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වරාය වෘත්තීය සමිති නියෝජිතයන්ට පවසයි.

යුරෝපා සංගමය, ශ්‍රී ලංකාවට රුපියල් බිලියන 8 යි දශම 2 යි 6 ක ආධාරයක් පිරිනමා තිබෙනවා.

කිරිගව වයිරස් රෝගය පාලනයට අවශය පියවර මේ වන විටත් ගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය ඩී.බී හේරත් පවසනවා.

අඩු බර සහ ප්‍රමිතියෙන් තොර භාණ්ඩ අලෙවි කරන වෙළෙදුන් සොයා අඛණ්ඩව වැටලීම් සිදු කරන බව කොළඹ දිසා ලේකම් ප්‍රදීප් යසරත්න මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබේ.

එන්නත් ලබාදීමේදී සුවසැරිය ගිලන්රථ සේවයට ප්‍රමුඛතාවය ලබාදීමට කටයුතු කරන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලනය පිළිබද රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ සදහන් කර තිබේනවා.

1990 සුවසැරිය ගිලන්රථ සේවය කොවිඩ් 19 පාලනයේදී සැලකිය යුතු කාර්යභාර්යක් ඉටුකරනු ලබන අතර ඔවුන් කොවිඩ් 19 පාලනයේදි ඉදිරිපෙළ සාමාජිකයින් ලෙස හැදින්විය හැකි බැවින් එන්නත් ලබාදීමේදී ප්‍රමුඛතාවය ලබාදීමට කටයුතු කරන බවයි රාජගිරියේ පිහිටි 1990 සුවසැරිය ආයතනයේ නිරීක්ෂණයට එක්වෙමින් අමාත්‍යවරිය කියා සිටියේ.

කොවිඩ් රෝග පාලනය සදහා මගීන් ප්‍රවාහනයට අදාල සියලු උපකරණ වලින් සමන්විත මෙම ගිලන්රථ සේවය ,රථ 297කින් සහ රියදුරන් ඇතුළු සම්පූර්ණ කාර්ය මණ්ඩලය 1399කින් යුක්ත වන අතර මෙය ජනතාවට සම්පූර්ණයෙන්ම නොමිළේ ලබාදෙන සේවාවකි. සුවසැරිය ගිලන්රථයක සේවාව සදහා එක් දිනක එක් කාර්යක් සදහා සාමාන්‍ය වියදම රු.5332ක මුදලක් වන අතර ,මේ සදහා පසුගිය මාස 10ක වියදම රු.මිලියන 1500කට අධිකය.

කොවිඩ් 19 හමුවේ සුවසැරිය ගිලන්රථ සේවය සිදුකරනු ලබන කාර්ය භාර්ය, එහි මෙහෙයුම් කටයුතු සිදුකෙරෙන ආකාරය පිළිබදව නිරීක්ෂණයට ලක්කල රාජ්‍ය අමාත්‍යවරිය ආයතනයේ පවතින අඩුපාඩු, ඉදිරි සැලසුම් සහ ඉදිරියේ ක්‍රියාකල යුතු ආකාරය සම්බන්ධයෙන් ආයතනයේ බලධාරීන් සමග සාකච්ඡා කර ඇත.

-පංචාලි අබේසේකර

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද රැස්වූ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයා ලෙස හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන පත්කර තිබේනවා .

මින් ඉදිරියට මහා පරිමාණ ව්‍යාපෘති සඳහා විදේශීය ණය ලබා නොගැනීමට ආණ්ඩුව තීරණය කර ඇති බව අමාත්‍ය උදය ගම්මන්පිල ඊයේ (12) ප්‍රකාශ කර තිබේ.

රංජන්ට මේ සන්තෑසිය සිදු වූයේ 'යහපාලනය' සත්‍යක් යැයි ඔහු විශ්වාස කළ නිසාය. ඒත් පසුව මෙගොල්ල යාළුවෝ මල්ලි යැයි කියන්න පුලුවන් තරමට දේවල් ඉගෙන ගැනීමට ඔහුට හැකි විය.

 පසුගිය වසරේ එකසිය හය දෙනකු මරණ දණ්ඩනයට නියම වී තිබෙන බවත්, එයින් වැඩිම ප්‍රමාණයකට මරණ දණ්ඩනය නියම වී ඇත්තේ මිනී මැරුම් චෝදනා යටතේ සිටි අපරාධකරුවන්ට බවත් බන්ධනාගාර පුනරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක පවසා තිබෙනවා.

විදෙස්ගතව ශ්‍රමිකයන් තවත් හැටහයදහසක් ගෙන්වීමේ වැඩපිළිවෙළ යටතේ අද (13 වැනිදා) සිට සෑම දිනකම ශ්‍රමිකයන් තුන්සිය (300) බැගින් ගුවන් යාන වලින් ගෙන්වීමට රජය තීරණය කර ඇත.

Connet With Us