ප්‍රමිතියෙන් තොර භාණ්ඩ අලෙවි කරන කූට වෙළදුන් සොයා අඛණ්ඩව වැටලීම්

Published in පුවත්
Wednesday, 13 January 2021 14:24

අඩු බර සහ ප්‍රමිතියෙන් තොර භාණ්ඩ අලෙවි කරන වෙළෙදුන් සොයා අඛණ්ඩව වැටලීම් සිදු කරන බව කොළඹ දිසා ලේකම් ප්‍රදීප් යසරත්න මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබේ.

කොළඹ දිස්ත්‍රික් මිනුම් ඒකක හා ප්‍රමිති සේවා අංශය හරහා මෙය සිදු කෙරෙන බවයි ඒ මහතා ප්‍රකාශ කළේ.

ඔහු තව දුරටත් සදහන් කර ඇත්තේ ජනතාවට ප්‍රමිතියෙන් යුතු භාණ්ඩ ලබාගැනීම සහතික කිරීම මිනුම් ඒකක හා ප්‍රමිති සේවා අංශයේ අරමුණ බවත් , කොරෝනා සමයේ වුවද මේ සම්බන්ධ වැටලීම් අඛණ්ඩව සිදු කෙරෙන බවත්ය.

තවද පසුගිය දින කිහිපය තුළ අඩුබර පාන් නිෂ්පාදනය කළ ආයතන 25 කට නඩු පවරා තිබෙන බවත් , ප්‍රමිතියෙන් තොර කිරුම් මිනුම් උපකරණ භාවිත කළ 18 දෙනෙකුට නඩු පවරා ඇති අතර මුද්‍රා නොතැබූ ඉන්ධන පොම්ප සම්බන්ධයෙන් ද වැටලීම් සිදු කළ බවත් මාධ්‍ය හමුවේදී ඔහු ප්‍රකාශ කර ඇත.

කොළඹ දිස්ත්‍රික්කය තුළ ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ප්‍රදේශවල නිසි ප්‍රමිතියෙන් යුතු තරාදි තැබීමට නියමිත අතර ,එවිට ජනතාවට තමන් මිලදී ගත් භාණ්ඩවල නියමිත බර තිබේදැයි පරික්ෂා කර ගත හැකි බවයි කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා සදහන් කරන්නේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us