subash
හිටපු නියෝජ්‍ය අමාත්‍ය අබ්දුල්ලා මොහොමඩ් මහරූෆ් සහ සතොස හිටපු සාමාන්‍යාධිකාරී මොහොමඩ් අස්ලම් යන අයට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබා දී තිබේනවා.
අධික මිළකට හෝටල් වල නිරෝධායනය නවතා දැමිය යුතුයි ! නාමල් කියයි
පසුගිය සමයේ ඇතැම් හෝටල් වලින් නිරෝධායනය වෙනුවෙන් ලබාගත් අය කිරීම් ගැන විමර්ශනය කල යුතුබව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ අවධාරණය කරනවා.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නැගෙනහිර පර්යන්තය, කළමනාකරණ අයිතිය හෝ අයිතියෙන් කොටසක් විදේශීය සමාගමකට පැවරීමට තීරණය කර නොමැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මිට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබේ. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ අද පාර්ලිමේන්තුවේදී ජ.වී.පෙ නායක අනුර කුමාර දිසානායක ඉදිරිපත් කල ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.
පසුගිය දිනවල නැගෙනගිර පර්යන්තය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජනරාල් දයා රත්නායක මාධ්‍ය හමුවකදී මේ පිළිබද අදහස් දක්වමින් කියා සිටියේද නැගෙනහිර පර්යන්තය වෙනත් රටකට විකිණීමේ කිසිඳු සැලසුමක් නැති බවයි. එසේම වරායේ නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු පසුගිය යහපාලන සමයේ විවිධ හේතුන් මත ඉතිරි ගොඩනැගිලි ඉදි කිරීම් නතර කර තිබු අතර මෙම පර්යන්තය සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය විසදුම් යෝජනා කිරීමට කැබිනට් මණ්ඩලය කමිටු දෙකක් පත්කර තිබෙන බවත්, එම කමිටු වාර්තාවට අනුව රජය ඉදිරි පියවර ගන්නා බවත් ඔහු සදහන් කර සිටියා .
ඇයි ජවිපෙට විශාල ඡන්ද පදනමක් නැත්තේ? හරිනි ඇත්තම කියයි
මේ රටේ එකම සමාජවාදී විප්ලවාදී ව්‍යාපාරය ලෙසත්, හැමදාම ආණ්ඩු බලය අල්ලනවා කියමින් ජනතාව හමුවේ පෙනී සිටින්නට තවමත් උත්සහ කරන ජනතා විමුක්ති පෙරමුණේ නැතිනම් ජාතික ජන බලවේගය නමින් මොඩිෆයි කරන ලද පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය සමඟ කරන ලද අපූර්ව පුවත්පත් සාකච්ඡාවක් අද දිනමිණ පුවතෙහි පළ කර තිබේ.
ජනවාරි මස 21 වන දා සිට නිල වශයෙන් ගුවන්තොටුපල හා සංචාරකයන්ට රට විවෘත කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.
ETI සහ ස්වර්ණමහල් හිටපු අධ්‍යක්ෂවරුන් තිදෙනෙකු CID අත්අඩංගුවට
ETI සහ ස්වර්ණමහල් යන ආයතන වල හිටපු අධ්‍යක්ෂවරුන් 3කු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මාලදිවයින, ඩුබායි සහ ඉන්දියාවේ සිට තවත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් අද අලුයම දිවයිනට පැමිණ තිබේ.
ඊයේ (05) දිනයේදී මුඛ ආවරණ නොපැළඳ සිටි බස්නාහිර පළාත තුළ පමණක් පුද්ගලයින් 1060 පමණ පරීක්ෂාවට ලක්කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර තිබේ.
කොවිඩ් -19 අසාදිත වී රෝහල්ගතව ප්‍රතිකාර ලබාමින් සිටි තවත් පුද්ගලයින් 445 දෙනෙකු අද (05) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේනවා.
ඒ අනුව කොවිඩ් ආසාදිතව මෙරටදී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 38,262ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය පවසන්නේ.
මහ කන්නයේ සහතික මිලක් යටතේ වී මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. ඒ අනුව ප්‍රමිතිගත නාඩු තෙතමනය 14% ක් සහිත වී , කිලෝග්‍රෑමයක් රුපියල් 50 ට මිලදී ගැනීමට නියමිතයි.
