නැගෙනහිර පර්යන්තය ගැන අගමැතිගෙන් ප්‍රකාශයක්

Published in පුවත්
Wednesday, 06 January 2021 13:06

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නැගෙනහිර පර්යන්තය, කළමනාකරණ අයිතිය හෝ අයිතියෙන් කොටසක් විදේශීය සමාගමකට පැවරීමට තීරණය කර නොමැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මිට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබේ. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ අද පාර්ලිමේන්තුවේදී ජ.වී.පෙ නායක අනුර කුමාර දිසානායක ඉදිරිපත් කල ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.

පසුගිය දිනවල නැගෙනගිර පර්යන්තය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජනරාල් දයා රත්නායක මාධ්‍ය හමුවකදී මේ පිළිබද අදහස් දක්වමින් කියා සිටියේද නැගෙනහිර පර්යන්තය වෙනත් රටකට විකිණීමේ කිසිඳු සැලසුමක් නැති බවයි. එසේම වරායේ නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු පසුගිය යහපාලන සමයේ විවිධ හේතුන් මත ඉතිරි ගොඩනැගිලි ඉදි කිරීම් නතර කර තිබු අතර මෙම පර්යන්තය සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය විසදුම් යෝජනා කිරීමට කැබිනට් මණ්ඩලය කමිටු දෙකක් පත්කර තිබෙන බවත්, එම කමිටු වාර්තාවට අනුව රජය ඉදිරි පියවර ගන්නා බවත් ඔහු සදහන් කර සිටියා .

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us