අද දිනය තුළ තවත් විදෙස්ගත ශ්‍රමික පිරිසක් පැමිණීමට නියමිත බවයි කොවිඩ් නයින්ටීන් පැතිරිම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය පවසන්නේ.නිරෝධායන මධ්‍යස්ථාන 75 ක මේ වන විට රැඳී සිටින පිරිස 5037 ක්. ඊයේ දිනය තුළ PCR පරික්ෂණ දස දහස් හත්සිය හැත්තැ හතරක් සිදුකර තිබෙනවා.
මේ අතර කොග්ගල පිහිටි ලෝන්ග් බීච් හෝටලය කොවිඩ් රෝගීන් සදහා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත්කර තිබේ.
යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ හෙට (07) සිට එහි ප්‍රතිකාර කටයුතු ආරම්භ කරන අතර එහි මෙහෙයුම් කටයුතු යුද හමුදාව යටතේ සිදුවන බවය. ඒ අනුව කොවිඩ් රෝගීන් හට එය මුදල් ගෙවා ප්‍රතිකාර ලබා ගැනීමේ පහසුකම් එහි සපයා ඇත