නැගෙනහිර ජැටියේ උරුමය රැක්කාට ස්තූතියි. මහින්ද ! Featured

Wednesday, 06 January 2021 15:41

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය කළමනාකරණය කිසිදු විදේශීය සමාගමකට පැවැරීමට තීරණය කර නැති බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුව හමුවේ සහතිකයක් ලබාදෙන ලදී.

ජවිපෙ නායක අනුර කුමාර දිසානායකගේ ප්‍රශ්න කිරීමකට පිළිතුරු වශයෙන් ඔහු මේ බව පැවසීය.

පසුගිය යහපාලන යුගයේදී නැගෙනහිර ජැටියේ මෙහෙයුම් විදේශීය සමාගමකට පැවැරීමට තීන්දු කර ඒ වෙනුවෙන් ඉන්දියානු සහ ජපාන සමාගම් සමඟ සාකච්ඡා කිරීමට පියවර ගනු ලැබීය ඒ අනුව ඉන්දියාන්වේ අදානි නම් සමාගමකට එහි කොටස් සියයට 49 ක් පැවැරීමට සහ ඉතිරි සියයට 51 රජය යටතේ තබා ගැනීමට අවබෝධතා ගිවිසුමකටද එලඹ තිබිණි.

මේ සම්බන්ධයෙන් වරාය සේවන්ගේ බලවත් විරෝධය එල්ල වී තිබූ අතර එවකට විපක්ෂ නියෝජනය කළ ඒකාබද්ධ විපක්ෂය සහ ජවිපෙ වැනි පක්ෂද ඊට එරෙහි විය.

ඒ කෙසේ නමුත් වත්මන් ආණ්ඩුවද එම ගිවිසුම ප්‍රකාරව වරාය ජැටිය අදානි සමාගමට පැවැරීමට තීන්දු කර ඇති බවට ලොකු හාහුවක් පැතිර ගියේය. ඒ සම්බන්ධයෙන් වරාය විෂය භාර ඇමැතිවරයා පවා කීවේ එම ගිවිසුම අනුව එම වැඩ කටයුත්ත සිදු වෙනු ඇති බවටය. එහෙත් ඒ ගැන ආණ්ඩු පක්ෂය තුලම මත ගැ‍ටුම් ඇතිව තිබිණි. ආණ්ඩු හිතවාදීන්ගේද විරෝධතා එල්ල විය.

ඒ කොහොම නමුත් අද මහින්ද රාජපක්ෂ මහතා නිවැරදි ස්ථාවරයක පිහිටමින් නැගෙනහිර ජැටිය කිසි විදේශ සමාගමකට පවරන්නේ නැති බව පැවසීම ආණ්ඩුව හමුවේ වූ විශාල චෝදනාවක් ගලවා විසිකිරීමක් ලෙස හැඳින්විය හැකිය.

මේ ජැටිය සංවර්ධනය කර එහි සමස්ථ ආදායම වරාය අධිකාරියට ලබා ගැනීමේ හැකියාව තිබිය දී එහි මෙහෙයුම් කළමනාකරණය වෙනත් රාජ්‍යයකට පැවැරීමට කටයුතු කිරීම මුග්ධ ක්‍රියාවක් බව පැහැදිලිය. මහින්ද රාජපක්ෂ මහතා වරාය අධිකාරිය ගැන එහි සේවකයන් ගැන විශ්වාසය තබා එය දැන් වරාය අධිකාරියේ උරුමයක් කර තිබෙන තතු යටතේ දැන් එම අධිකාරියෙහි එම අමාත්‍යංශයෙහි වගකීම වන්නේ මෙම නැගෙනහිර ජැටිය රටේ සෞභාග්‍යය වෙනුවෙන් වන ධන උල්පතක් කිරීමේ වගකීමය.

Leave a comment

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us