ඇමරිකාව උණුසුම් වේ

Published in පුවත්
Thursday, 07 January 2021 10:57

වොෂින්ටනය තාවකාලික වසා දැමීමට පියවර ගෙන ඇති බව CNN පුවත් සේවය වාර්තා කරනවා.

මේ අතර අමෙරිකානු ජනාධිපති ඩොන්ල්ඩ් ට්‍රම්ප් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ, උප ජනාධිපති මයික් පෙන්ස්ට මෙය නොවැටෙහෙන බවයි.
අමෙරිකානු සෙනට් මණ්ඩලයේ පාලනය තීරණය කරන ජෝර්ජියා ප්‍රාන්ත මැතිවරණය ජයග්‍රහණය කිරීමට ඩිමොක්‍රටික් පක්ෂය සමත් විය.
ඒ අනුව ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක රෆායෙල් වර්නොක් සිය ජය තහවුරු කර ගත්තේ, රිපබ්ලිකන් පක්ෂයේ කෙලී ලොෆ්ලර් පරාජය කරමිනි.
අමෙරිකානු සෙනට් මණ්ඩලයේ පූර්ණ බලය හිමිකර ගැනීම සඳහා ජනාධිපති ධූරයට තේරී පත් වී සිටින ජෝ බයිඩ්න්ගේ ඩිමොක්‍රටික් පක්ෂයට හැකි විය.
ඒත් සමග අමෙරිකාවේ අගනුවර වන වොෂිංටන්හි ට්‍රම්ප් හිතවාදි කණ්ඩායම් විරෝධතා ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.
ඉතා ප්‍රචණ්ඩ අයුරින් ට්‍රම්ප් හිතවාදීන් විදි බැස කලහාකාරී අන්දමින් හැසිරෙන දර්ශන මාධ්‍ය වෙත නිකුත් වී ඇත.
කැපිටල්හිල් ගොඩනැල්ලේ දොරටු වසා ආරක්ෂාව තර කර තිබුණ ද විරෝධතාකරුවන් ඉතා ප්‍රචණ්ඩ අයුරින් ඒ තුළට ඇතුළුවීමට උත්සහ දරා තිබේ.

මේ අතර ඉදිරි පැය 24 ක කාලයක් සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සිය Facebook ගිණුම හරහා අදහස් පළ කිරීම අවහිර කිරීමට එම සමාගම පියවර ගෙන තිබේ.
ඒ, ට්විටර් සමාගම ද පැය 12 ක කලයක් සඳහා ට්‍රම්ප්ගේ ගිණුම් අත්හිටුවීමට ගත් තීරණයෙන් අනතුරුවයි.

ට්විටර් සමාගම කියා සිටියේ සිය ප්‍රතිපත්තියේ දැඩි ලෙස උල්ලංඝනය කිරීම හමුවේ ඔහු විසින් පළ කළ Twitter පණිවුඩ තුනක් ද ඉවත් කළ බවයි.

sirasa.com

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us