ජීවිතාන්තය දක්වා සිරදඩුවම් ලබා සිටි සුමන ස්වාමීන්වහන්සේට ජනාධිපති සමාව

Published in පුවත්
Monday, 04 January 2021 09:32

බරපතල වැඩ සහිතව ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියමවී සිටි පූජ්‍ය ඌවතැන්නේ සුමන ස්වාමීන්වහන්සේට ජනාධිපති සමාව ලබා දී තිබෙනවා.

නීති විරෝධී ලෙස ටී 56 ගිනිඅවි හා උණ්ඩ ළඟ තබා ගැනීමේ චෝදනා මත පසුගිය වසරේදී මහාධිකරණය විසින් උන්වහන්සේට දඩුවම් නියම කර ඇත්තේ.
2010 ජනවාරි 20 වනදා පොලිස් විශේෂ කාර්ය බලකාය මාලිගාවත්ත ශ්‍රී බෝධිරාජාරාමයේ කළ වැටලීමකදී ටී 56 ගිනිඅවි 2 ක් හා උණ්ඩ 210 ක් සොයා ගැනුණා. ඒ සම්බන්ධයෙන් මාලිගාවත්ත ශ්‍රී බෝධිරාජාරාම විහාරාධිපති පූජ්‍ය ඌවතැන්නේ සුමන ස්වාමීන්වහන්සේ ඇතුලු විත්තිකරුවන් 5 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කළා. මීට ප්‍රමාණවත් සාක්‍ෂි නොමැතිවීම හේතුවෙන් සෙසු විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කෙරුණු අතර පූජ්‍ය ඌවතැන්නේ සුමන ස්වාමීන්වහන්සේට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇති බැවින් බරපතල වැඩ සහිතව ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම කිරීමටයි මහාධිකරණය නියෝග කළේ. කෙසේ වෙතත් ඌවතැන්නේ සුමන ස්වාමීන්වහන්සේට ජනාධිපති සමාව ලබා දීම සම්බන්ධයෙන් අවධානය යොමුව තිබූ අතර මේ වන විට සමාව ලබා ඇති බවයි වාර්තා වන්නේ.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us