හදිසි තත්වයන්දි ආර්ථිකය කඩා නොවැටීමට කොළඹ මෙන් තවත් ආර්ථික නගරයක් පිහිටුවීමට පියවර

Published in පුවත්
Monday, 04 January 2021 11:14

කොළඹ ප්‍රධාන ආර්ථික කේන්ද්‍රීය මධ්‍යස්ථානය හදිසියේ ඇතිවන තත්ත්වයකින් අක්‍රීය වුවහොත් ඊට මුහුණදීමට හැකිවන පරිදි මිහින්තලය ප්‍රදේශයේ ආනයන හා අපනයනය කේන්ද්‍රකරගත් නව ආර්ථික මධ්‍යස්ථානයක් ඉදිකරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.


අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ මිහින්තල ප්‍රදේශයේ සංචාරයක නිරත වන අතරතුරයි. සංචාරය අතරතුරදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,

"දීර්ඝ කාලයක් ප්‍රයෝජනයට ගෙන නොමැති අනුරාධපුර - මිහින්තලය දුම්රිය මාර්ගයේ ප්‍රවාහන පහසුකම භාවිත කරමින් පළාත් 3කට දිස්ත්‍රික්ක 10කට දේශීය නිෂ්පාදන සහ ආනයනය කළ භාණ්ඩ බෙදාහරින කොළඹ වගේ ප්‍රධානතම වාණිජ නගරයක් නිර්මානය කිරීමට අද දින සාකච්ඡා කළා. මේ පළාත්වල ගොවි ජනතාවගේ නිෂ්පාදන අතරමැදියන් නොමැතිව ඔවුන්ටම අලෙවි කිරීමට හැකි වෙළඳපොළක් නිර්මාණය කිරීමට මේ ඔස්සේ අපිට හැකි වෙනවා. ඒ වගේම මේ පළාත්වල නිෂ්පාදන අපනයනය කිරීම සඳහා ඇසුරුම්කරණය, සැකසීම, නාමගතකරණය කරලා විදේශ වෙළෙඳපොළට අපනයනය කිරීමට හැකියාව ලැබෙනවා. තුන්වෙනි කාරණය, ආනයනය කරන භාණ්ඩ තොග වශයෙන් මෙහි රැස්කර තැබීම. එවිට ස්වභාවික ආපදාවකදි හෝ වෙනත් ගැටලුවකදී කොළඹ ප්‍රධාන ආර්ථික කේන්ද්‍රීය මර්මස්ථානය අක්‍රීය වුණොත් මේ ආර්ථික මධ්‍යස්ථානය හරහා කටයුතු කළ හැකි වනවා. ඒ වගේම මේ හරහා මෙම ප්‍රදේශවල විශාල පිරිසකට රැකියා අවස්ථා ලැබෙනවා." යනුවෙන් ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us