මත්ද්‍රව්‍ය තොග හතර අතින් වටලයි

Published in පුවත්
Saturday, 02 January 2021 11:33

පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ වැටලීමකදී කොකේන් මිලිග‍්‍රෑම් 770 ක් සහ අයිස් මිලිග‍්‍රෑම් 550 ක මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තලංගම පොලිස් ස්ථානයට ආසන්න ප‍්‍රදේශයකදී වැටලීම සිදුකළ බවයි විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ. අත්අඩංගුවට ගත් පුද්ගලයා මේ වනවිට ඉදිරි විමර්ශන කටයුතු සඳහා තලංගම පොලීසියට භාරදී තිබෙනවා.
මේ අතර ඊයේ දිනයේදී අම්බලන්ගොඩ තිලකපුර ප්‍රදේශයේදී මත්කුඩු කිලෝග්‍රෑම් 1 යි ග්‍රෑම් 610 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්වුණා. එම මත්කුඩු තොගයේ වටිනාකම රුපියල් කෝටි එකහමාරක් පමණ වන බවයි පොලීසිය සදහන් කළේ. අත්අඩංගුවට ගත් සැකකරු ගාල්ල දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ හිටපු සභාපති හැලඹගේ ප්‍රේමසිරි මහතා ඝාතනය ඇතුළු ඝාතන රැසකට සම්බන්ධ දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින පාතාල දසුනා නමැත්තාගේ මත්කුඩු ජාවාරමේ කොටස්කරුවෙකු වන බවයි සදහන් වෙන්නේ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us