බයියන් තවමත් ගෝඨා ජනාධිපති කියා සැනසීම Featured

Friday, 25 December 2020 18:40

බයියන් මුහුණ දී සිටින්නේ උභ‍තෝකෝටික ගැටළුවකටය. ( බයියන් යනුවෙන් මේ මොහොතේ අමතන්නේ අපහාසයකට නොව එම පාර්ශ්වය විසින්ම තමන් බයියන් ලෙස හඳුන්වා ගැනීම සිදු කෙරෙන බැවිණි) එනම් ගැටළුකාරිත්වය හමුවේ පිළිතුරු දෙකක් තිබෙන අතර වඩා නිවැරදි පිළිතුර තෝරාගැනීමේ ගැටළුවක් පැන නැඟීමය.

උභතෝකෝටිකය අනුව විසඳුමට ප්‍රධාන අවස්ථා හතරක් ඇත. ප්‍රසිද්ධ උදාහරණයකින් දැක්වුවහොත් අතරමඟ ගිමන් හරින්න වූ මිනිසෙකුගේ මල්ලට නයෙක් රිංගීම නිසා වූ අලකලංචිය ගත හැක. ගෙදර ගියොත් මල්ලට අත දාන බිරිඳට නයා දෂ්ඨ කළ හැක. නයා රිංගපු මල්ල සමඟ මඟ හිටියොත් තමාට දෂ්ඨ කළ හැක. මල්ල විසි කරන්නට බැරිය. උපයා ගත් දේ එහිය. ගෙදර ගියොත් අඹු නසී ,මඟ හිටියොත් තෝ නසී.. කතාව හැදෙනෙ එහෙමය.
ගෙදර යන්න බෑ.. මඟ ඉන්නත් බෑ. යන්න පුලුවන් නොයා ඉන්නත් පුලුවන්. නමුත් මේ අවස්ථා හතරෙන් එකක්වත් තීරණය කරන්න බෑ.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කර තුනෙන් දෙකේ බලයකුදු එම පාර්ශ්වයට ලබා දුන් බයියන් එම බලය අද පාවිච්චි වෙමින් සිදුවෙන තමන් බලාපොරොත්තු නොවුණු සිදුවීම් නිසා උභ‍තෝකෝටික ගැටළුවකට මැදිව සිටී. මේ පාලන අධිකාරිය වෙනුවෙන් පෙනී සිටින්නට ඔවුන්ට පුලුවන. එහෙත් ඒ ඔවුන් බලාපොරොත්තු වූ දෙය නොවෙයි එතැනින් සිදුන්නේ. පාලන අධිකාරියට එරෙහි වන්නටද පුලුවන. එහෙත් එමඟින් ඔවුන් බලාපොරොත්තු වූ දෙය සිදුවීමට හේතුවක් නොවෙයි. මේ නිසා කවරක් තීරණය කළත් තමන්ගේ අපේක්ෂා බිඳ වැටීම සිදුවෙයි කියන සැකය සෑම බයියෙක් තුලම දැන් ඇති වී තිබෙන බව සැකයක් නැති කරුණක් වී තිබේ.

මේ දිනවල සමාජ මාධ්‍ය තුල මේ ගැටළුව හඳුනාගත හැක. බයි පාර්ශ්වයේ අඳෝනා මෙන්ම අඳෝනා අතරින් ආණ්ඩුවට මොහොතක එරෙහි වීම්ද තවත් විටෙක පක්ෂ වීම්ද තිබේ. ඒ අතර ඇතැමුන් ආණ්ඩුව මොන පිස්සු කෙලියත් තවමත් ගෝඨාභය ජනාධිපතිනේ, කවදා හෝ මොකක් හරි වෙයි කියා සැනසීමට පහසු අවස්ථාවක්ද තෝරා ගෙන තිබේ.

පසුගිය යහපාලනය බලය පිහි‍ටුවා මුල් දින සියය වන විටත් එම ටොයි ප්‍රජාවද මෙහෙම මහ වළකට ඇද වැටිනි. නමුත් බයියන් මෙන් නයයෙන් අඬමින් වැනෙන තීන්දුවලට ගියේ ඉතා සුලු පිරිසකි. යහපාලනයෙන් අපේක්ෂා කළ දේ බිඳ වැටෙන විට කෙනෙකු සෘජුවම යහපාලනයට එරෙහිව කරුණු දැක්වූ අතර තවත් පිරිසක් යහපාලනය වෙනුවෙන්ම පෙනී සිටියේය. එහෙත් යහපාලනයට එරෙහි වූවන්ගේ මතය වඩා උත්සන්න විය. එය යහපාලනයට දරාගත හැකි වූයේ නැත. එය බිඳ වැටීම ඉක්මන් වූයේ මේ යහපාලනය පිහි‍ටුවීමට දරදිය ඇදි පිරිසගේම විරුද්ධවාදී මතයය. විපක්ෂයේ ජයග්‍රහණයට එය ඉතා වාසිදායක විය. අද ගෝඨාභය ප්‍රමුඛ පාලනාධිකාරියට එරෙහිව හඬ නගන ප්‍රමුඛ බලවේගයද මෙම පිරිසමය. එම තත්වය හමුවේ අසරණව සිටින බයියන්ට තමන් මුහුණ දී ඇති ගැටළුව උභතෝකෝටික තත්වයට පත්වීම කෙරෙහි වඩාත්ම බලපා තිබේ.

පසුගිය යහපාලනය යනු මුළුමනින්ම වැරදි කළ පාලන සමයක් නොවේ. නිවැරදි තීන්දු තීරන රැසක් එම කාලය තුල ගෙන තිබේ. එසෙම නිවැරද්ද වෙනුවෙන් ගත් තීන්දු තීරණ ක්‍රියාත්මක කරවා ගැනීමටද නොහැකිව තිබිණි. එහෙත් කරපු වැරදි හමුවේ සහ එල්ල වූ විවේචනාත්මක ඝෝෂාවන් හමුවේ මේ නිවැරදි දේත් වැසී සැඟ වී ගියේය. ඒවා ටොයියන්ද බයියන්ද දැක්කෙ නැත. එහෙත් එම නිවැරදි තීන්දු තීරණ වත්මන් පාලනය විසින්ද උපයෝගි කරගනිමින් සිය පාලන වඩා පහසු කර ගනිමිත් තිබෙන අවස්ථා ගනනාවක්ම පසුගිය වසර තුළ දැකිය හැකි විය. පහුගිය ආණ්ඩුවේ වැඩ කියා ආපසු හැරවීමට ක්‍රියා කළේ ඉතා සුළු දේවල් ප්‍රමාණයක් පමණි. කොහොමත් සාමාන්‍යයෙන් එජාප ආණ්ඩු කියන්නේ මේ රටට ප්‍රතිපත්ති නීති රීති ක්‍රමවේදයන් රැසක් පිහි‍ටුවීමට ක්‍රියා කළ ආණ්ඩුය. එහෙත් ඒවා ක්‍රියාත්මක කරවා ගැනීමට ඔවුන්ට අවස්ථා ලැබුණේ අඩුවෙනි. එහෙත් එම ක්‍රියාමාර්ගවල වඩා පල ප්‍රයෝජන ගත්තේ ශ්‍රීලනීපය ප්‍රමුඛ ආණ්ඩුය. වත්මන් පාලනය තුළින්ද එම තත්වයන් පෙන්නුම් කරයි. යහපාලන අගමැති රනිල් රටේ සංවර්ධනය සම්බන්ධයෙන් ගෙන ආ' සංවර්ධන පනත' පාර්ලිමේන්තුවේදී සම්මත කරගෙන තිබුණා නම් ඉන් වැඩිම ප්‍රයෝජනයක් ගත හැකිව තිබූ පාලකයා විය හැකිව තිබුණේ වත්මන් ජනාධිපතිවරයාටය. එහෙනම් ඔහු ගොඩේ ගොඩය. ඔහුගේ පාලන ක්‍රමවේදයට ඉතා ගැලපෙන යාන්ත්‍රණයක් එම පනත මඟින් ඉදිරිපත් කර තිබිණි. එහෙත් අවාසනාවකට එදා ඒකාබද්ධ විපක්ෂයත් ආණ්ඩුවේම පාර්ශ්වයකුත් ජනාධිපතිටත් ඉහළින් සුපිරි ඇමැතිවරයකු නිර්මාණය කරනවා කියා එයට එරෙහි වී එය පාර්ලිමේන්තුවට ගෙන ඒමටත් පෙර පරාජය කෙරිණි. අද ගෝඨාභය හිරවී සිටින්නේ එවැනි යාන්ත්‍රණයක් තමාට නොමැති කමේ අඩුව නිසාය යනුවෙන් කීවාට වැරදි නැත. ඔහු රාජ්‍ය පාලනය වෙනුවෙන් ගන්නා යම් යම් තීන්දු තීරණ අනුව එය පැහැදිලි වේ.

නැවතත් අපේ ප්‍රධාන ගැටලුව වෙත් ගියොත් බයියන් මුහුණ දී සිටින උභතෝකෝටික ගැටළුවට විසඳුමක් හොයා ගැනීම ගැන තිබෙන්නෙ උත්තර දෙකකි. එක්කො මේ පාලනයට පක්ෂ විය යුතුය. නැතිනම් එරෙහි විය යුතුය.. කියන උත්තර දෙකය. නමුත් එරෙහි වීම තුල විය හැක්කේ යහපාලනයට වූ දෙයමය. පුද්ගලයන් කෙරෙහි හෝ පක්ෂය කෙරෙහී හෝ පාක්ෂිකභාවය තුලම රැඳී සිටීමට හැර වෙනකකට හිත නොනැමේ නම් කළ යුතු වන්නේ රෙදි ගලවාගෙන හරි වත්මන් පාලනයට පක්ෂ වීමය. 2030 දක්වා හෝ තමන්ගේ පාලනය පවතීය යන්න මේ බයියන් බොහෝ දෙනා විශ්වාස කරයි. බලාපොරොත්තු වේ. එසේ නම් කවර තත්වයක් හමුවේ හෝ මේ පාලනයට පක්ෂවීම විය යුතුවම තිබේ. යහපාලන ටොයියන් කළ වරද සිදුකර ඉදිරි කාලයේ දී පසුතැවීමට වන අවස්ථාව ඔවුන් වලක්වා ගත යුතුය. තමන්ගේ පාක්ෂිකභාවය පාලකයන්ට පෙන්වන තරමට පාලකයාද ශක්තිමත් වීම සිදුවන අතර කවර තත්වයන් හමුවේ හෝ පාලනය ආරක්ෂා කරගැනීමට ඔවුන් බිය සැක නැතිව කටයුතු කිරීමටද පෙළඹේ. එනයින් මේ පාලන තන්ත්‍රය ආරක්ෂාවීම සිදුවෙනු ඇති අතර එක් මොහොතක බයියන් අපේක්ෂා කළ අදියරටද පාලකයා පැමිණිමද සිදු වෙනු ඇත. මන්ද පාක්ෂිකයා තමන් සමඟ සිටීමේ වැදගත්කම අනුව පාලකයාට පාක්ෂිකයාව යම් තරමකින් හෝ සනසලාලීමට සිදුවන නිසාය.

Leave a comment

Gossip

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර...

Connet With Us