subash

subash

කොවිඩ් අවදානම මැද සේවයට වාර්තා කළ සෞඛ්‍ය අංශයේ ගර්භණී නිලධාරිනියන්ට නිවාඩු ලබා ගැනීමට පැවැති බාධකය නව චක්‍රලේඛයක් මගින් ඉවත් කර තිබේනවා.

සංචරණ සීමා කාලය තුල අත්‍යවශ්‍ය රාජකාරි කටයුතු වෙනුවෙන් යෙදවෙන වාහන පහසුවෙන් හඳුනා ගැනීමටත්, රථ වාහන තදබදය, ප්‍රමාදයන් වලක්වා ගැනීමත් වෙනුවෙන් ශ්‍රී ලංකා පොලීසිය නව ක්‍රමවේදක් හඳුන්වා දී තිබේ. මෙම ක්‍රමවේදය අද (07) සිට ක්‍රියාත්මක වේ.

ජල බිල්පත් ගෙවීම සඳහා මාසයක සහන කාලයක් ලබා දීමට බලාපොරොත්තු වන බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර ප්‍රකාශ කර තිබෙනවා.

අමෙරිකාවේ කැලිෆෝනියා රෝහල් සේවා උපකාර පදනමෙන් (Hospital Services Support Foundation (HSSF) කොළඹ මහ රෝහලේ රෝහල් සේවා මණ්ඩලයට පරිත්‍යාග කළ වෛද්‍ය උපකරණ තොගයක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ රෝහල් හයක් සඳහා ප්‍රදානය කිරීමේ අවස්ථාව සමග ඊයේ දින (06) අගරමත්ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

සංචරණ සීමා සහ නිරෝධායන රීති උල්ලංඝනය කරමින් මාර්ගවල ගමන් කරන්නන් පිළිබඳව නව ක්‍රියාමාර්ග ගැනීමට මේ වනවිට පොලීසිය කටයුතු කරමින් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

දිවයින පුරා සිටින අවදානම් සහිත ගර්භණී මව්වරුන් සඳහා කොවිඩ් එන්නත් ලබා දීම මෙම බදාදා (09 වැනිදා) ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.

කොළඹ හා තදාසන්න ප්‍රදේශයන්ගේ පැතිර යන කොවිඩ් ප්‍රභේදය කුමක්ද යන්න පිළිබඳ නවතම පර්යේෂණ කටයුතු මේ වන විට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආරම්භ කර ඇත.

ලෝක පරිසර දිනය අදට යෙදී තිබේ. කාර්යබහුල මිනිසාට විවේකයක් ලබාදී, සිය නිදහස උපරිමයෙන් භුක්ති විඳිමින් සොබාදහම මෙවර පරිසර දිනය සමරයි.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් වහා ම සහන සලසන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද (04) පෙරවරුවේ උපදෙස් දී තිබෙනවා.

පසුගිය දින 14 තුළ දකුණු අමෙරිකාවේ සහ දකුණු අප්‍රිකානු රටවලට සංචාරය කර ඇති‍ මගීන්ට වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාව පැමිණීමට අවසර නොදෙන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය සියලු ගුවන් සමාගම් වෙත දැනුම් දී තිබේනවා .

Connet With Us