subash

subash

කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත් කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (31) දිනයේ ද ස්ථාන කිහිපයකම එම වැඩසටහන් ක්‍රියාත්මක වේ.

ඒ අනුව අද දිනයේ එන්නත් කරණ සිදුවන මධ්‍යස්ථාන පහතින්,

Vaccination02

කොවිඩ් 19 වසංගතය මෙරට පැතිරයාම ආරම්භ වූ දින සිට සමස්ත ජනතාව වෙනුවෙන්ම කැපවී කටයුතු කළ වෛද්‍යවරු, හෙදියන්, පර්යේෂකයන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, කනිෂ්ඨ කාර්යමණ්ඩල මෙන්ම ත්‍රිවිධ හමුදාව, පොලිසිය ඇතුළු ග්‍රාම නිලධාරීන්ට ද මුලින්ම මාගේ විශේෂ ස්තූතිය පුද කරනවා.

මේ දිනවල සමාජ මාධ්‍ය වල ලැව් ගින්නක් සේ පතිර යමින් තිබෙන්නේ කොරෝනා වෛරසය පාලනය කිරීම වෙනුවෙන් චීනයේ ඖෂධ නිශ්පාදන ආයතනයක් විසින් නිපදවනු ලැබූ සයිනොෆාම් එන්නත මෙරටට මිළදී ගැනීමේදී එක් එන්නතකින් ඩෝලර් 5 ක යටි මඩි ගසා ගැනීමට මෙරට පාලකයන් කටයුතු කර ඇති බවය.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න හේතුවෙන් දෛනික ජීවනෝපාය අහිමි වූ ධීවරයන්ට කඩිනම් සහන සලසන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ බලධාරීන්ට ඊයේ (29) උපදෙස් දබ දී ඇත.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ බද්දේගම ප්‍රාදේශිය සභා මන්ත්‍රී බද්දේගම සමිත හිමියන් අද අළුයම අභාවප්‍රාප්ත විය .

ගොවීන්ට එළවළු වගා කිරීමට අවශ්‍ය පොහොර පෞද්ගලික අංශයෙන් මිලදී ගෙන පාලන මිලට ලබාදීමට ගොවිජනසේවා දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

පැවැති අයහපත් කාලගුණය හා රට තුළ රසායනික පොහොර හිඟ වීම නිසා ඉදිරි සති කිහිපය තුළ උඩරට හා පහත රට එළවළු හිඟයක් සමග මිල ඉහළ යනු ඇති බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුරුම්කරු නාමල් කරුණාරත්න පැවසීය.

කොරෝනා තුන්වැනි රැල්ලේ සිදු වූ මරණවලින් බස්නාහිර පළාතෙන් පසුව පිටපළාත් දිස්ත්‍රික්ක අතරින් වැඩිම මරණ වාර්තා වී ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් බව වාර්තා වේ.

තුන්වැනි රැල්ලේ බලපෑම ආරම්භ වූ අප්‍රේල් 20 න් පසුව පසුගිය බ්‍රහස්පතින්දා (27 වැනිදා) වන විට 706 දෙනකු මියගොස් ඇති අතර ඉන් වැඩිම මරණ කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා විය. එම ප්‍රමාණය 108ක් වන අතර කළුතර 107ත් හා ගම්පහෙන් 71ක් වශයෙන් වාර්තා විය.

කෙසේ වෙතත් බස්නාහිර පළාතෙන් පිට වැඩිම මරණ ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාවම 87කි. පසුගිය 22 වැනිදා පමණක් ගාල්ලෙන් දහඅටදෙනකු මිය ගිය අතර එම සංඛ්‍යාව දිනක් තුළ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව ලෙසද සටහන් විය.

-පංචාලි අබේසේකර

රථ වාහන හා පුද්ගලයින් පරීක්ෂා කිරීමේදී සහ නිරෝධායන නීතිය ක්‍රියාත්මක කිරීමේදී මහජනතාව අපහසුතාවයට පත්වන ආකාරයෙන් කටයුතු නොකරන ලෙස සියලු පොලිස් ස්ථාන වෙත චක්‍රලේඛයක් නිකුත් කරමින් පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා උපදෙස් ලබාදී තිබේනවා.

ඇතැම් පොලිස් නිලධාරීන් මහජනතාව අපහසුතාවයට පත්වන ආකාරයට පරිභව කරන දිර්ශන මාධ්‍ය ඔස්සේ දක්නට ලැබෙන බවද ,එබැවින් පුද්ගලයන්ගේ ආත්ම ගරුත්වයට හානියක් වන බවද ඔවුන් සමාජය ඉදිරියේ අපහසු තාවයට පත්වන බවද පෙන්වා දී ඇත.

මේ නිසා පුද්ගලයින් හා වාහන පරීක්ෂා කිරීමේදී වහාම ක්‍රියාත්මන වන පරිදි එවැනි ක්‍රියා අත්හිටුවන ලෙස පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා එම චක්‍රලේඛය මඟින් දන්වා තිබේ.

එවැනි ක්‍රියා වාර්තා වුව හොත් එම නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවද පොලිස්පතිවරයා පෙන්වා දී ඇත.

-පංචාලි අබේසේකර

සංචරණ සීමා තාවකාලිකව ඉවත් කිරීම නතර කිරීමට කටයුතු කළද විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා වන අත්පොත සිසුන්ගේ නිවෙස් වෙත ප්‍රවාහනය කිරීමට පොත් අලෙවි සැල්වලට අවස්ථාව පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණප්‍රකාශ කර තිබේ.

Connet With Us