subash

subash

දිවයින පුරා ක්‍රියාත්මක සංචරණ සීමා අඛණ්ඩව ජූනි 7 වනදා අලුයම 4 වන තෙක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව 31වනදා සහ 4 වනදා සංචරණ සීමා ලිහිල් නොකෙරෙනු ඇත.

මහජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ නිවෙස්වලට සැපයීමට දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සිදුකිරීමට නියමිතය.

-පංචාලි අබේසේකර

දිවයින පුරා ක්‍රියාත්මක කරන සංචරණ සීමා හේතුවෙන් බලපත්‍ර ලබාදුන් වෙළෙඳසැල් අධික මිලකට භාණ්ඩ විකිණීම් සිදු කරන්නේ නම් වහාම එම බලපත්‍ර අහෝසි කිරීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ප්‍රකාශ කර තිබෙනවා.

කොවිඩ් ආසාදිතයන් වෙනුවෙන් යුද හමුදාව සහ යුද හමුදා සේවා වනිතා ඒකකය එක්ව සීදුව බ්‍රැන්ඩික්ස් ග්‍රීන් ප්ලාන්ට් ආයතනයේ ආරම්භ කළ නවීන පහසුකම්වලින් යුත් රෝහලට ඊයේ (27 වැනිදා) සිට රෝගීන් ඇතුළත් කිරීම ඇරැඹිණි.

රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් V එන්නත් මාත්‍රා 50,000ක් රැගත් යානය ඊයේ (27) රාත්‍රී දිවයිනට ළඟා විය.

එලෙස රැගෙන ආ එන්නත් තොගය පසුව ඖෂධ නීතිගත සංස්ථාවේ විශේෂ අධිශීතකරණ පහසුකම් සහිත ට්‍රක් රථ මගින් කොළඹ පිහිටි එහි ප්‍රධාන ගබඩා සංකිීරණය වෙත රැගෙන ගිය බව වාර්තා වේ.

එළඹෙන සතියේ සිට යළිත් වරක් රුපියල් 5,000 දීමනාව රජයේ සේවකයින් නොවන දෛනික ආදායම් අහිමි වූ ජනතාව වෙත ලබාදීමට අවශ්‍ය කටයුතු සැලසුම් කර තිබෙන බව වාසුදේව නානායක්කාර මහතා සඳහන් කර තිබේ.

මැයි මාසයට අදාළ විශ්‍රාම වැටුප්, ගොවි සහ ධීවර විශ්‍රාම වැටුප්, වැඩිහිටි සහ මහජන ආධාර දීමනා ගැනීමට නොහැකි වූ පිරිස් වෙත එකී දීමනා පමණක් ලබාගැනීමට හැකිවන පරිදි තැපැල් කාර්යාල සහ උප තැපැල් කාර්යාල විවෘතව තැබීමට තීරණය කර තිබේනවා.

ජීවිතාන්තය දක්වා සිරදඩුවම් ලැබ සිටින සිරකරුවන්න් 53 දෙනෙකු ඇතුළු තවත් සිරකරුවන් 260 දෙනෙකුට නිදහස ලබාදීමට වත්මන් රජය පසුගියදා කටයුතු කර ඇත.

හුදෙකලා කරන ලද ප්‍රදේශ සහ වෙනත් ප්‍රදේශයන්හි නිවෙස්වල නිරෝධායන වන පවුල් සඳහා ලබා දෙන සහන මල්ල නොලැබෙන්නේ නම් ඒ පිළිබඳ 1965 ක්ෂණික දුරකථන අංකයට පැමිණිලි කරන ලෙස ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

දෙහිවල ගල්කිස්ස නගර සභාව විසින් කොරෝනා මෘත දේහ බහාලීම සඳහා කාඩ්බෝඩ් මීනී පෙට්ටි වර්ගයක් හඳුන්වා දී තිබේනවා.

කොවිඩ් ආසාදනයට ලක්වන නිදහස් වෙළෙඳ කලාප සේවක සේවිකාවන් සඳහා වෙළෙඳ කලාප තුළම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන පිහිටුවීමට ආයෝජන මණ්ඩලය පියවර ගෙන තිබේ.

Connet With Us