subash

subash

මහ බැංකු අධිපතිතුමා ඇතුළු මහ බැංකුවේ උසස් නිලධාරීන් පිරිසක් අද (21) අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමු විය.

පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන ගියේයැයි චෝදනා ලැබ සිටි ඇවන්ට්ගාඩ් ව්‍යාපාරයේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති ඇතුළු සියලු විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන්නැයි කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ අද (21) නියෝග කර තිබේ.

ලොව සියලු රටවලට බලපා තිබෙන කොරෝනා වෛරසය නැසීම සඳහා පර්යේෂණාගාරයක් තුළ ප්‍රතිවෛරසයක් නිපදවීමට ඕස්ට්‍රේලියානු විද්‍යාඥයින් පිරිසක් සමත්වී තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

කොවිඩ් මර්දන එන්නත කුමන ආකාරයකින්වත් මුදල්වලට ලබාගෙන එන්නත් කර නොගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශ නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වි⁣ශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මේ වන විට මෙරට ළමුන් 1000කට වැඩි සංඛ්‍යාවක් කොරෝනා ආසාදිතව සිටින හෙයින් වයස අවුරුදු 12න් ඉහළ දරුවන්ට කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නතක් ලබාදීම ඉතා වැදගත් බව ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.

අවදානම් සහගත පුද්ගල කණ්ඩායම් ඉලක්ක කර කොවිඩ්-19 එන්නත්කරණ වැඩසටහන මේ වනවිට ක්‍රියාත්මක කළද ඉහළ යමින් පවතින මරණ අනුපාතයේ වෙනසක් සිදුවීමට මාස ගණනාවක් ගතවනු ඇතැයි හොංකොං විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය මලික් පීරිස් ප්‍රකාශ කරයි.

අද රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන සංචරණ සීමා පැනවීම හේතුවෙන් මගී දුම්රිය ද ධාවනය නොකිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේනවා.

පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් අධිවේගී මාර්ගවල ගමන් කරන ගිලන්රථ වලින් ගාස්තු අය නොකිරීමට තීරණය කර ඇති බව මහා මාර්ග අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව අද (20) සිට යළි දැනුම්දෙන තුරු ගිලන්රථ වලට ගාස්තු රහිතව අධිවේගී මාර්ගවල ගමන් ගත හැකිය.

පෞද්ගලික අංශයේ ආයතනවල සේවය කරන ගර්භණී කාන්තාවන් සේවයට නොකැඳවන ලෙස කම්කරු කොමසාරිස් ජනරාල්වරයා ඉල්ලීමක් කර තිබෙනවා.

ග්‍රාම නිලධාරී වසම් රැසක හුදෙකලා බව අද පෙරවරු 6 සිට ඉවත් කර තිබෙනවා. තවත් ග්‍රාමනිලධාරී වසම් කිහිපයක් අලුතින්හුදෙකලා කිරීමට ද තීරණය කෙරුණා.

Connet With Us