අසාදිත ළමුන් 1000කට වැඩි ! 12න් ඉහළ දරුවන්ට එන්නත ලබා දිය යුතුයි !

Published in පුවත්
Friday, 21 May 2021 12:03

මේ වන විට මෙරට ළමුන් 1000කට වැඩි සංඛ්‍යාවක් කොරෝනා ආසාදිතව සිටින හෙයින් වයස අවුරුදු 12න් ඉහළ දරුවන්ට කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නතක් ලබාදීම ඉතා වැදගත් බව ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.

ඉදිරියේ දී කොවිඩ් අවධානම දරුවන් අතර ශීඝ්‍රයෙන් පැතිර යා හැකි නිසාවෙන් දරුවන් ව එයින් මුදා ගැනීමට නම් ප්‍රතිශක්තිකරණ එන්නත් වඩා වැදගත් වන බව වෛද්‍යවරයා සදහන් කර ඇත.

කොරෝනා ආසාදිතව සිටි දරුවන්ගෙන් 5දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවත් වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සදහන් කර ඇත.

“ඉදිරියේ දී ඇති වෙන මේ තුන්වන කොවිඩ් රැල්ල සමග ළමුන් අතර කොවිඩ් රෝගය ඉතා ශීඝ්‍රයෙන් පැතිරෙන්න පුළුවන්. අපි ගෙදරට ගෙන ගිය විට ළමුන්ට මෙය වැලඳෙනවා. එහිදී දරුවන් දරුණු රෝගී තත්ත්වයන්ට පත්වෙන්න පුළුවන්. ඊට අමතරව දරුවන්ට මරණය පවා ඇති වෙන්න පුළුවන්. ඒ නිසා අප කළ යුත්තේ රෝගය වැළැක්වීම. ප්‍රතිශක්තිය පමණක් නෙමෙයි අපේ විනය තුළින් පවා රෝගය වළක්වා ගන්න පුළුවන්. “

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us