රටපුරා අගුළු දැමීම වහාම ක්‍රියාත්මක කල යුතුයි - මහාචාර්ය මලික් පීරිස් අවධාරණය කරයි !

Published in පුවත්
Friday, 21 May 2021 11:42

අවදානම් සහගත පුද්ගල කණ්ඩායම් ඉලක්ක කර කොවිඩ්-19 එන්නත්කරණ වැඩසටහන මේ වනවිට ක්‍රියාත්මක කළද ඉහළ යමින් පවතින මරණ අනුපාතයේ වෙනසක් සිදුවීමට මාස ගණනාවක් ගතවනු ඇතැයි හොංකොං විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය මලික් පීරිස් ප්‍රකාශ කරයි.

එමනිසා ඉදිරියේදී සිදුවන ව්‍යසනය වැළැක්වීම සඳහා කෙටි කාලීනව ඇති එකම විකල්පය වයිරසය සම්ප්‍රේෂණය වීම වැලැක්වීම සඳහා තාවකාලික පියවර නොගෙන රටපුරා අගුළු දැමීම වහාම ක්‍රියාත්මක කිරීම කළයුතු බවද මහාචාර්යවරයා පවසයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ මහාචාර්ය කමනි මෙන්ඩිස් සමග එක්ව ශ්‍රී ලංකාවේ වර්තමාන කොවිඩ් -19 තත්ත්වය පාලනය කිරීම සඳහා විද්‍යාත්මකව සකස් කළ උපාය මාර්ගික පත්‍රිකාවක් ඔස්සේ මහාචාර්යවරයා මේ බව පවසා ඇත.

එම උපාය මාර්ගික පත්‍රිකාවේ මෙසේද සඳහන් කර ඇත. ‘බාධාවකින් තොරව අඛණ්ඩව එන්නත්කරණය සිදුකළද රටේ සමස්ත ”අවදානම් සහිත ජනගහනයට’ එන්නත ලබාදීමට තවත් මාස 6 කට වඩා ගතවනු ඇත. සෑම පළාතකම දැනටමත් වයිරසයේ ඉහළ පැතිරීමක් පවතින බැවින්, පළාත් අතර ගමන් නතර කිරීමෙන් එතරම් බලපෑමක් නැත. කුඩා ප්‍රදේශ හුදකලා කිරීම බලපෑමක් ඇති කිරීම සඳහා ප්‍රමාණවත් නොවේ. දින 3 ක් රට පුරා අගුළු දැමීම ඔස්සේද වයිරසයේ පැතිරීමට බාධා එල්ල නොවේ. හැඳුනුම්පත් අංක භාවිතා කරමින් සංචරණය අර්ධ වශයෙන් සීමා කිරීම එතරම් ප්‍රයෝජනවත් නැත. ජනාකීර්ණ නාගරික ප්‍රදේශවල ජීවන තත්ත්වයන් යටතේ සමාජ දුරස්ථභාවය සහ මුහුණු ආවරණ පැලඳීම දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම පවා ප්‍රශස්ත නොවනු ඇත.කාර්යාල අවකාශයන් තුළ (සංවෘත පරිසරයක) වැඩ කරන පුද්ගලයින් අතර වයිරසය සම්ප්‍රේෂණය වැඩි දියුණු කරයි.”

මෙම තත්ත්වයන් පදනම් කරගෙන, පළමුව අවම වශයෙන් දින 14ක් රටපුරා අගුළු දමා වයිරසය පාලනය කිරීමේ ආරම්භයක් ලබාගත යුතු බවත්, එහිදී අත්‍යවශ්‍ය සේවා ඇතුළු සීමිත කටයුතු ක්‍රමවත්ව පවත්වාගෙන යෑමේ වැඩපිළිවෙළක් කඩිනමින් ක්‍රියාත්මක කළයුතු බවත් එම පත්‍රිකාවේ වැඩිදුරටත් අවධාරණය කර ඇත.

-අරුණ

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us