subash

subash

රසායනික පොහොර සඳහා පනවා තිබු තහනම යම් සීමා කිරීම වලට යටත්ව ඉවත් කිරීමට රජය පියවර ගෙන තිබේ. හදිස්සියෙම රසායනික පොහොර සහ අදාල වෙනත් රසායනික ද්‍රව්‍ය තහනම් කිරීමට ගත් පියවර නිසා මෙරට කෘෂි ක්ෂේත්‍රයම කැළැඹීමට පත් වූ අතර ඊට එරෙහිව විශාල විරෝධයක්ද ගොවියන් තුළින් පැන නැගිනි.

කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ පැය 24 පුරා ක්‍රියාත්මක කොරෝනා එන්නත්කරණ වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිරීක්ෂණයට ලක්වී තිබේනවා .

කොවිඩ් රෝගීන්ගෙන් බස්නාහිර පළාතේ රෝහල් පිරී යමින් පවතින බැවින් ඇතැම් රෝහල්වලට රෝගීන් භාර ගැනීම නතර කිරීමට සිදුව ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ශ්‍රී ලංකාව කොවිඩ් 19 වෛරසයට මුහුණදීමේදී එන්නත්කරණ වැඩසටහන සිය ඉලක්කයන්ටත් කලින් සපුරා තිබීම ප්‍රශංසනීය බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්රොස් ඇඩනොම් ගෙබ්‍රියේසස් මහතා ප්‍රකාශ කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයින්ගෙන් මේවන විට ලක්ෂ 100කට වඩා කොවිඩ් මර්දන එන්නතෙහි එක් මාත්‍රාවක් හෝ ලබා දී ඇති බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි. එනම් ලංකාවේ ජනගහනයෙන් අඩකට ආසන්න ප්‍රමාණයකි.

නූතන ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අර්ථකතන සැපයීමේදී ප්‍රජාතන්ත්‍රවාදය සු‍රැකීමේ ප්‍රධාන කුළුණු හතරෙන් එක්ක ලෙස ජනමාධ්‍යයද එකතු කරගෙන තිබේ. පෙර පැවැති අර්ථ දැක්වීම් වලදී විධායකය, ව්‍යවස්ථාදයකය සහ අධිකරණය මත පමණක් මේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය රඳා පැවැතිනි.

රාජ්‍ය සේවකයින් සේවයට කැඳවීම සම්බන්ධයෙන් රජය ගෙන ඇති තීරණය පිළිබඳ යළි සලකාබැලිය යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

හිටපු ඇමැති රිෂාඩ් බදියුදින්ගේ නිවසේ මෙහෙකාර සේවයට පැමිණි තවත් තරුණියක ඇමැති බිරියගේ සොහොයුරා විසින් නිවසේදී දැඩි ලෙස අතවරයට ලක් කර ඇතැයි ඊයේ (01 වැනිදා) අනාවරණය වී ඇත.

රාජ්‍ය සේවයේ නියුතු ගර්භණී කාන්තාවන් අද (02 වැනිදා) සිට අනිවාර්යෙන්ම සේවයට වාර්තා කළ යුතු බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ රත්නසිරි ප්‍රකාශ කර ඇත.

ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා 728,460 ක් අද(31) සවස ශ්‍රී ලංකාවට ලැබෙන බව කොරෝනා මර්දන රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කර තිබේ. එම අමාත්‍යාංශය පැවසුවේ ඒ හා සමාන ප්‍රමාණයක් ලබන සෙනසුරාදා දිනයේ ද ලැබීමට නියමිත බවය. එන්නත් මෙරටට ලැබෙනුයේ ජපානය කොවැක්ස් වැඩසටහන හරහායි.

Connet With Us