subash
60 ට වැඩි අයගේ එන්නත ඉලක්ක කර ගනිමින් පැනවුණ ඇඳිරිනීතිය ගැන මෙන්න !
වයස අවුරුදු 60 වැඩි මෙතෙක් එන්නත ලබා නොගත් සියලුදෙනාට එන්නත ලබාදීම ඉලක්ක කර ගනිමින් නිරෝධායන ඇඳිරිනීතිය දැමීමේ තීරණයට එළැඹි බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
ඊයේ දින (19) රෝහල් ගත වූ කොරෝනා ආසාදිතයින් 2186 දෙනෙකු ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ. ඒ අනුව මේ වන විට ශ්‍රි ලංකාවේ කොවිඩ් වෛරසය වැළදී සුවය ලැබූ සමස්ත ආසාදිතයින් ගණන 318,714ක් දක්වා ඉහළ ගොස් ඇත.
ලාංකිකයින්ට ඔක්සිජන් රැගත් නැව ඉන්දියාවෙන් පිටත්වෙයි !
වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොදා ගන්නා ඔක්සිජන් ටොන් 100 ක තොගයක් පැටවු කන්ටේනර් පහකින් සමන්විත නෞකාවක් ඉරිදා (22) වන විට මෙරටට ළඟා වීමට නියමිතව තිබේ.
කොරෝනාවට බිය වියයුතු නෑ - ඒත් යුද්දේ කළා වගේ අහිංසකයන් බිලි දියයුතු නෑ
ආණ්ඩුව අගෝස්තු 20 සිට රට වැහුවේ නැත්නම්, අගෝස්තු 23 වෙනි සඳුදා සිට තමන් රට වසන බව වෘත්තීය සමිති එකතුවක් තර්ජනය කරනවා. අස්ගිරි මල්වතු පාර්ශවයේ මහ නාහිමි වරුන් ජනාධිපති ගෙන් ඉල්ලලා සතියකට රට වහන්න කියලා.
ලාෆ් සමාගමේ ගෑස් සිලින්ඩරයක මිල වැඩි වීමට සමානව ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල වැඩි කිරීමට ලිට්‍රෝ සමාගම විසින් ලිඛිතව ඉල්ලීමක් කර ඇතැයි පාරිභෝගික අධිකාරියේ අධ්‍යක්‍ෂ තුෂාන් ගුණවර්ධන මහතා පැවසීය.
අංක 1998 න් රු.1998 ක් වටිනා අත්‍යවශ්‍ය භාණ්ඩ සහන මල්ලක් නිවසටම !
වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කිරීමට නියමිත, ක්ෂණික ඇමතුම් අංක 1998 ඇමතීමෙන් රු.1998/=ක් වටිනා අත්‍යවශ්‍ය භාණ්ඩ මල්ලක් නිවසටම ගෙන්වා ගැනීමේ නිල සමාරම්භක අවස්ථාව අද දින වෙළෙඳ අමාත්‍යාංශයේදී සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ බලය අල්ලා ගැනීමත් සමග අන්තවාදී සංවිධාන හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් මෙරටට හා කලාපයට ඇති බලපෑම සම්බන්ධව විශේෂ අවධානය යොමු කිරීමට ආරක්ෂක අංශ තීරණය කර ඇත.
කොරෝනා වසංගතය යළි තව දුරටත් පාලනය කළ නොහැකි තැනක් දක්වා වර්ධනය වෙමින් පවතින බව මාධ්‍ය වාර්ථා අනුව පෙන්නුම් කරමින් තිබේ. රජයේ නිවේදන මෙන්ම සෞඛ්‍ය අංශ වල පිරිස්, විපක්ෂ ක්‍රියාකාරීන් සහ වෙනත් පිරිස් විසින් පෙන්නුම් කරන තොරතුරු සහ දත්තයන් අනුව කොරෝනා සීග්‍රයෙන් පැතිරෙමින් තිබේ.
සැප්. 30 වන විට 18ට වැඩි සියළු දෙනා එන්නත් කර අවසන් !
කොවිඩ් වසංගතයේ බලපෑම අවම කිරීමේ අරමුණෙන් ක්‍රියාත්මක එන්නත්කරණ වැඩපිළිවෙළ යටතේ සැප්තැම්බර් මස 30 වන දා වන විට වයස අවුරුදු 18ට වැඩි සියලුම පුද්ගලයන් එන්නත් කොට අවසන් කිරීමට රජය සැලසුම් කර තිබේ.
නිවෙස් ප්‍රතිකාරවල අධීක්ෂණ කටයුතු සඳහා වෛද්‍යවරු 1500ක් !
නිවෙස්වල ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිතයන්ගේ අධීක්ෂණ කටයුතු සඳහා ඉදිරි සති කිහිපය ඇතුළත වෛද්‍යවරු 1500ක ප්‍රමාණයක් යෙදවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.
