subash
පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් ලෝක වාර්තාවක් තබා තිබේ.
F46 හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් දිනේෂ් ප්‍රියන්ත හේරත් විසින් එම නව ලෝක වාර්තාව තබා ඇති අතර ඔහුගේ නව වාර්තාව මීටර් 67.79ක් ලෙස සටහන් වෙයි.
අමෙරිකාවේ නිෂ්පාදිත ෆයිසර් එන්නත් මාත්‍රා 124,000ක තොගයක් දිවයිනට ගෙනැවිත් තිබේ.
කොරෝනා තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක් වූ ජීවනෝපාය අහිමි පවුල් සඳහා රුපියල් 2000/= දීමනාව මේ වනවිට පවුල් පන්ලක්ෂ 75, 520ක් සදහා ලබා දී අවසන් බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශය පවසනවා.
දිවයින පුරා පිහිටි සියලුම ආර්ථික මධ්‍යස්ථාන අද (28) සහ හෙට (29) විවෘතව තැබේ.
කොවිඩ් ආසාදිතයන් රෝහල්ගත කිරීමත් සමග කොළඹ ජාතික රෝහලේ අනෙකුත් රෝගී සත්කාරක සේවා බිඳ වැටී ඇති බව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.
කොවිඩ් මරණ තහවුරු කරන්නේ දෛවයද ? ආණ්ඩුවද ? ඔබද ?
ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවක් පවසන්නේ සමාජ ඒකරාශීවීම් වළක්වන්නට ශ්‍රී ලංකාව සාධනීය පියවර ගෙන තිබුණද මෙරට ජනතාව නිවෙස්වල රැඳීසිටීමේ ප්‍රතිශතය සාපේක්ෂව අඩු අගයක් ගන්නා බවයි.
2019 කොරෝනා වෛරස් රෝගය (කොවිඩ් -19) ( තාවකාලික විධිවිධාන) පනත් කෙටුම්පතට කතානායකවරයා අත්සන් තබා තිබේ.
මේ ලියන මොහොත වන විට රට තුළ නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මකය. එමෙන්ම රටට ඇතුළුවීමට සංචාරකයන්ට තිබෙන අවස්ථාවන්ද අහුරා තිබේ. කොවිඩ් 19 තත්වය නිසා ඒ මර්දනයට පසුගිය වසරේ මාර්තු මාසයේ පමණ සිට ගත් පියවරයන්ගේ ප්‍රතිපළ ලෙස රට මේ මොහොතේ ඇත්තේ ආර්ථිකමය වශයෙන් බංකොලොත් වීමේ අවස්ථාව මුවවිටය.
ෆයිසර්,කොවිෂීල්ඩ් සහ ස්පුට්නික් V ලබාගත් කිසිවෙක් මිය ගිහින් නෑ !
සයිනොෆාම්, ෆයිසර්, කොවිෂීල්ඩ් සහ ස්පුට්නික් V යන කොවිඩ් එන්නත් හතරේ සාර්ථකත්වය සැසඳීම සඳහා කළ පළමු අධ්‍යයනය උපුටා දක්වමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්ති විද්‍යා හා අණුක වෛද්‍ය අංශයේ මහාචාර්ය නිලීකා මලවිගේ ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබේ.
කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් ආර්ථිකයේ පසුබෑමක් සිදු වුව ද මසක් තුළ ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම වාර්තා කරමින් පසුගිය ජූලි මාසයේ රුපියල් කෝටි 19,800 ඉක්මවූ අපනයන ආදායමක් ශ්‍රී ලංකාවට හිමි ව තිබේ.
