ෆයිසර්,කොවිෂීල්ඩ් සහ ස්පුට්නික් V ලබාගත් කිසිවෙක් මිය ගිහින් නෑ !

Published in පුවත්
Thursday, 26 August 2021 12:58

සයිනොෆාම්, ෆයිසර්, කොවිෂීල්ඩ් සහ ස්පුට්නික් V යන කොවිඩ් එන්නත් හතරේ සාර්ථකත්වය සැසඳීම සඳහා කළ පළමු අධ්‍යයනය උපුටා දක්වමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්ති විද්‍යා හා අණුක වෛද්‍ය අංශයේ මහාචාර්ය නිලීකා මලවිගේ ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබේ.

සයිනොෆාම් එන්නත ලබා නොගත් වයස අවුරුදු 50ට වැඩි පුද්ගලයින් අතර වාර්තා වූ මරණ එම වයස් කාණ්ඩයේ එන්නත් ලබාගත් පුද්ගලයින්ගේ මරණ ප්‍රතිශතයට වඩා 8.1% ගුණයකින් වැඩි බව මහාචාර්ය නිලීකා මලවිගේ පවසයි.

එමෙන්ම ෆයිසර්, කොවිෂීල්ඩ් සහ ස්පුට්නික් V යන එන්නත් ලබාගත් වයස අවුරුදු 50ට වැඩි පුද්ගලයින් අතර මෙතෙක් මරණ වාර්තා වී නොමැති බව ඇය පවසයි.

වයස අවුරුදු 50ට අඩු එන්නත් නොකළ කොවිඩ් රෝගීන්ගේ මරණ ප්‍රතිශතය සිනොෆාම් එන්නත් කළ අයට වඩා 3.8 ගුණයකින් වැඩි බවත්, සයිනොෆාම් එන්නත ලබා ගත් අය අතර පී.සී.ආර් ධනාත්මක කොවිඩ් 19 රෝගීන්ගේ මරණ ප්‍රතිශතය 0.46%ක් වන අතර එය මරණ 112ක් බව මෙම අධ්‍යනයේ දී හෙලි වී තිබේ.

එමෙන්ම ෆයිසර් බයෝටෙක් එන්නත ලබගත් පුද්ගලයින් අතර වාර්තා වී ඇත්තේ මරණ තුනක් පමණක් වන අතර එය ප්‍රතිශතාත්මක අගයක් වශයෙන් 0.15%ක් බව ඇය සඳහන් කරයි.

ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ලබාගත් පුද්ගලයින් අතරින් වාර්තා වී ඇත්තේ එක් මරණයක් පමණක් වන අතර එය ප්‍රතිශතයක් වශයෙන් 0.03%ක් බව මහාචාර්යවරිය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

-පංචාලි අබේසේකර

neelika new

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us