ජූලි අපනයන ආදායම කෝටි 19,800යි ඉහලට

Published in පුවත්
Thursday, 26 August 2021 12:07

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් ආර්ථිකයේ පසුබෑමක් සිදු වුව ද මසක් තුළ ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම වාර්තා කරමින් පසුගිය ජූලි මාසයේ රුපියල් කෝටි 19,800 ඉක්මවූ අපනයන ආදායමක් ශ්‍රී ලංකාවට හිමි ව තිබේ.

ශ්‍රී ලංකා රේගු සංඛ්‍යා ලේඛනවලට අනුව මේ වසරේ (2021) ජූලි මාසයේ දී රුපියල් කෝටි 21,768.32ක (අමෙරිකානු ඩොලර් මිලියන 1,099.41) අපනයන ආදායමක් වාර්තා කර ඇති අතර එය එක් මාසයක් තුළ වැඩිම අපනයන ආදායම ලෙස ඉතිහාසයට එක් වන බව අපනයන සංවර්ධන මණ්ඩලය පෙන්වා දෙයි.

පසුගිය 2020 වසරේ ජූලි මාසයේ දී අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 1,085ක් වූ බව පෙන්වා දෙන අපනයන සංවර්ධන මණ්ඩලය එම අගය ඉක්මවා යමින් මේ වසරේ ජූලි මාසයේ දී අපනයන ආදායම ඉහළ ගොස් ඇතැයි පවසයි.

මීට පෙර මේ වසරේ මාර්තු මාසයේ ශ්‍රී ලංකාව අවසන් වරට ඩොලර් මිලියන 1,000ක අපනයන සීමාව පසුකළ බව පෙන්වා දෙන එම මණ්ඩලය මේ අනුව 2021 මුල් මාස 07 තුළ ශ්‍රී ලංකාව ලබා ඇති මුළු අපනයන ආදායම රුපියල් කෝටි 131,890.37 (ඩොලර් මිලියන 6,661.13) කි. මෙය 2020 වසරේ මුල් මාස 07 අපනයන ආදායම වන රුපියල් කෝටි 107,960.09 (අමෙරිකානු ඩොලර් මිලියන 5,452.53) ට සාපේක්ෂව සියයට 22.17 ක ඉහළ යාමකි.

වැඩිම අපනයන ආදායම ඇඟලුම් අංශයෙන් ලැබී ඇති අතර එය අමෙරිකානු ඩොලර් මිලියන 452.55 ක් වේ. එසේම තේ අපනයනයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 115.13 ක ආදායමක් උපයාගෙන තිබෙන අතර රබර් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 96.65 ක් ද ලැබී ඇත. පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 76.67 ක් වශයෙන් අපනයන ආදායම සඳහා ඉහළ දායකත්වයක් දුන් අංශ අතර වෙයි.

-දිවයින

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us