එන්නත් මාත්‍රා දෙකම ලබාගත් ඉන්දියානුවන්ට ශ්‍රීලංකාව විවෘතවේ !

Published in පුවත්
Thursday, 26 August 2021 11:06

එළැඹෙන සැප්තැම්බර් 01වැනිදා සිට ඉන්දීය සංචාරකයන්ට ශ්‍රී ලංකාවට ඇතුළුවීමට අවසර ලබාදීමට සංචාරක අමාත්‍යාංශය තීරණය කර ඇත.

සංචාරක අමාත්‍යාංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි සඳහන් කළේ කොවිඩ් සඳහා සම්පූර්ණයෙන් එන්නත්කරණය කරන ලද (එන්නත් මාත්‍රා දෙකම ලබාගත්) ඉන්දියානු ජාතිකයන්ට එළැඹෙන සතියේ සිට බාධාවකින් තොරව ශ්‍රී ලංකාවට ඇතුළු විය හැකි බවයි.

ඒ අනුව සැප්තැම්බර් 01 වැනිදා සිට කොළඹ සහ ඉන්දියාවේ ගමනාන්ත 03ක් වෙත සංචාරකයන් වෙනුවෙන් ගුවන් ගමන් ක්‍රියාත්මක කෙරෙනු ඇත. සතියකට චෙන්නායි වෙත ගමන් වාර 04ක්, මුම්බායි වෙත ගමන් වාර 03ක් සහ බැංගලෝරය වෙත ගමන් වාර 01ක් වශයෙන් ආරම්භයේදී ක්‍රියාත්මක වන මෙම ගුවන් ගමන් සැප්තැම්බර් අවසානය වන විට දිල්ලියට තවත් ගුවන් ගමන් 02ක් දක්වා ද වැඩි කිරීමට බලාපොරොත්තුවන බව ද සංචාරක ලේකම්වරයා සඳහන් කළේය.

“සම්පූර්ණයෙන්ම එන්නත්කරණය කරපු සංචාරකයන්ට විතරයි මේ අනුව ලංකාවට එන්න හැකියාව ලැබෙන්නේ. ඔවුන්ට ගුවන් තොටුපළේදී පී.සී.ආර්. පරීක්ෂණයකට ලක්වෙන්න සිදුවෙනවා. ඒකෙන් ආසදිතයෙක් නොවන බව තහවුරු කෙරෙන පිරිසට රටේ සංචාරය කරන්න පුළුවන්. නමුත් ඔවුන් අනිවාර්යයෙන්ම තරු තුනේ මට්ටම සහ ඊට ඉහළ මට්ටමේ හෝටල්වල නතර විය යුතුයි. දැනට ඔවුන්ට සාමාන්‍ය ක්‍රමවේදයට අනුව මාසයක කාලයක් සඳහා වීසා ලබාදීම සිදුකෙරෙනවා’’ යැයි ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us