එන්නත්කරණයේ තවත් අලුත් වැඩක් !

Published in පුවත්
Wednesday, 25 August 2021 22:10

සියලු මිනිසුන් වෙනුවෙන් වගකීමක් සියලු රජයන්ට ඇත. ඡන්දය දුන් නොදුන් සියළු මිනිසුන් ආරක්ෂා කරන බවට රාජ්‍ය නායකයින් පොරොන්දු දෙන්නේ ඒ නිසාය.

ඒ පොරොන්දු හැබෑ කිරීමට සෑම නායකයෙකුටම නොහැකිය. එහෙත් ශ්‍රී ලංකාව නම් මේ පුංචි දුපතේ ජනාධිපතිවරයා ජනතාවට දුන් පොරොන්දු සැබෑ කරමින් සිටි. පුරවැසියාගේ ජිවත් වීමේ අයිතිය තහවුරු කරමින් සිටි. ඒ නිසාම මෙවන් වසංගතයක් තුළ පවා මන්දිරයේ පමණක් නොව දුගී පැලේ මිනිසාවද අමතක නොකරමින් රටේ එන්නත්කරණය ඉතා විශිෂ්ට ලෙස සිදුකරමින් සිටි. ඒ බව තවත් පසක් කරමින් අද දිනයේ එන්නත්කරණයේ තවත් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රීලංකා පොලිසිය සමත්ව ඇත.

ආබාධවලට ලක්වූ හා සිඟමන් අයදිමින් සිටින පුද්ගලයින්ගේ ජීවිතවලට ආරක්ෂාව සැලසීම මෙන්ම විවිධ අවශ්‍යතා සදහා කොළඹ නගරයට පැමිණෙන ජනතාවට කොවිඩ් වෛරසය වැළදීමට ඇති හැකියාව අවම කිරීමේ අරමුණින් කොළඹ කොටුව – පිටකොටුව ප්‍රදේශවල රැඳී සිටින ආබාධිත හා පිළිසරණයක් නොමැති පුද්ගලයින් එන්නත්කරණය කිරීමට පොලීසිය පියවර ගෙන ඇත්තේ ඒ අනුවය.

පිටකොටුව බස් නැවතුම්පොළ ආසන්නයේ, ප්‍රධාන මාර්ගයේ, හරස්වීදිවල හා බැස්ටියන් මාවතේ රැදී සිටින ආබාධවලට ලක්වූ හා සිඟමන් අයදිමින් සිටින පුද්ගලයින්ට කොවිඩ් එන්නත ලබාදීම මෙම විශේෂ එන්නත්කරණ වැඩසටහන හරහා සිදු වේ. ඊයේ දිනයේ (24) පමණක් පුද්ගලයින් 100කට පමණ එන්නත්කරණය කළ බව වාර්තා වේ. මෙම එන්නත්කරණයට ජාති ,ආගම කුල මල අදාළ නොවේ. යාචකයා වුවද එම ජීවිතවල වටිනාකම පාලකයන් හදුනාගෙන ඇත. රටක සිදු විය යුතු දේ සිදු වෙමින් පවතී...

-පංචාලි

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us