එප්පාවල පොස්පේට් වලින් කාබනික පොහොර ටොන් 50,000ක් නිෂ්පාදනයට

Published in පුවත්
Wednesday, 25 August 2021 11:59

ඉතිහාසයේ පළමු වරට එප්පාවල පොස්පේට් නිධිය යොදා ගනිමින් කාබනික පොහොර මෙට්‍රික් ටොන් 50,000ක් නිෂ්පාදනය කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.

කාබනික පොහොර වාර්ෂිකව නිෂ්පාදනය කිරීමේ ජාතික වැඩපිළිවෙළේ පළමු පියවර ලෙස මෙලෙස මෙම වැඩසටහන ආරම්භ කර ඇති අතර කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ පවතින ලංකා පොස්පේට් සමාගම, සින් ටෙක් ආයතනය හා කොළඹ විශ්වවිද්‍යාලය ඒකාබද්ධව මෙය ක්‍රියාත්මක කෙරේ. මෙරට පොස්පරස් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 1,25,000 - 1,75,000 සංඛ්‍යාවක් වන බවත් එප්පාවල පොස්පේට් නිධිය යොදා ගනිමින් එම අවශ්‍යතාව ක්‍රමක් ක්‍රමයෙන් සපුරා ගත හැකි බවට කෘෂිකර්ම අමාත්‍යාංශය විශ්වාසය පළ කරයි.

කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන්, ලංකා පොස්පේට් සමාගමේ සභාපති සුජීව ඉන්ද්‍රජිත් කරුණාසිංහ, කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නිල්වලා කෝට්ටේගොඩ මහත්ම මහත්මීන් සහ සින් ටෙක් ආයතනයේ නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයයේ පැවැති සාකච්ඡාවේ දී මෙම තීරණයට එළැඹ තිබේ. ලෝකයේ පොස්පේට් නිධි තවත් වසර 40කින් අවසන් බවට විවිධ පර්යේෂණ මගින් තොරතුරු හෙළිකර ගෙන ඇති අතර එහෙත් එප්පාවල පොස්පේට් නිධිය තව වසර 200ක් ප්‍රයෝජනයට ගත හැකි සුවිශාල ජාතික සම්පතක් බවට භූ විද්‍යාඥයන් පෙන්වා දී ඇත.

එප්පාවල පොස්පේට් නිධිය ලෝකයේ පොස්පේට් නිධි අතුරින් අධි ශ්‍රේණියේ (High Grade) නිධියක් ලෙස වර්ගීකරණය කර ඇති අතර මෙම නිධිය තුළ පොස්පේට් මෙට්‍රික් ටොන් මිලියන 60කට වැඩි සංචිතයක් ඇති බව භූ විද්‍යාඥයන් ගණනය කර ඇත. 1975 වර්ෂයේ නිෂ්පාදනය ආරම්භ කළත් අදවන තුරුත් ජාතික වැඩපිළිවෙළක් ලෙසින් පොහොර නිෂ්පාදනයට එප්පාවල පොස්පේට් නිධිය නිසි පරිදි යොදා ගෙන නොමැත. එප්පාවල පොස්පේට් නිධිය ආශ්‍රිතව විද්‍යානුකූලව මෙම පොහොර නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙළක් මෙතෙක් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් මෙරට ප්‍රධානම භෝගයක් වන වී සඳහා භාවිතා වන ත්‍රිත්ව සුපර් පොස්පේට් මුළුමනින්ම මෙතෙක් ආනයනය කෙරිණි. ත්‍රිත්ව පොස්පේට් වාර්ෂික අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 125,000ක් වනඅතර ඒ සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 18,000කට අධිකය.

 

 

dinamina

Leave a comment

ld add copy

Gossip

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

Connet With Us