කොළඹ ජාතික රෝහල දැඩි අර්බුදයක !

Published in පුවත්
Friday, 27 August 2021 11:02

කොවිඩ් ආසාදිතයන් රෝහල්ගත කිරීමත් සමග කොළඹ ජාතික රෝහලේ අනෙකුත් රෝගී සත්කාරක සේවා බිඳ වැටී ඇති බව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංසදයේ ලේකම් වෛද්‍ය කමල් පෙරේරා සඳහන් කළේ මේ වන විට කොළඹ ජාතික රෝහල් කාර්ය මණ්ඩලය දැඩි අර්බුදයකට ලක්ව ඇති බවයි.

ජාතික රෝහලේ හෙද නිලධාරීන් වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලයේ හාරසියයකට අධික ප්‍රමාණයකට මේ වන විට කොවිඩ් ආසාදනය වී ඇත. මෙම රෝහලේ කොවිඩ් ආසාදිතයන් සඳහා වාට්ටු පහළොවක් පමණ වෙන් කර ඇති අතර ඒ හේතුව නිසා අනෙකුත් රෝග සඳහා ප්‍රතිකාර ගනු ලබන රෝගීන්ගේ සත්කාරක සේවා බිඳ වැටී ඇති බවත් එම රෝගීන් සහ ඔවුන් සමග පැමිණෙන ඥාතීන් දැඩි අවදානමකට ලක්ව ඇති බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ ලේකම් වෛද්‍ය කමල් පෙරේරා සඳහන් කරයි.
එසේම ඔහු මෙහි දී අවධාරණය කරමින් කියා සිටියේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට තුන්වැනි කොවිඩ් මර්දන එන්නත් මාත්‍රාව ලබා දීම පිළිබඳ අවධානය යොමු කළ යුතුව ඇති බවයි.

මේ අතර ගාල්ල කරාපිටිය රෝහලේ කොවිඩ් අසාදිත බවට හදුනාගත් කාර්යමණ්ඩලයේ මුළු සංඛ්‍යාව 224ක් දක්වා ඉහළ ගොස් ඇති බව රෝහල් ආරංචිමාර්ග පවසයි. මේ හේතුවෙන් ගාල්ල කරාපිටිය රෝහලේද දැඩි අර්බුධයක් මතුව ඇත. තවද දිවයිනේ ප්‍රධාන රෝහල් තුළ මෙවැනි තත්වයක් උද්ගතව ඇති බවයි වාර්තා වෙන්නේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us