subash
සඳනි ප්‍රනාන්දු එක්ක පොඩි කතාබහක්.
ඉදිරි ජනාධිපතිවරණය සහ මහමැතිවරණය සඳහා රු.බි. 20ක් අවශ්‍යයි
ඉදිරි ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය සඳහා රුපියල් බිලියන 20ක් (රුපියල් කෝටි දෙදහසක්) අවශ්‍ය බව මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසයි.
දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කලගුණ තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
සිරගත කර සිටින ඉම්රාන් ඛාන් තමා ජන්දයෙන් දිනා ඇති බව ලොවට කියයි
සිරගත කර සිටින පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කළ බවට ඔහු විසින් ප්‍රකාශ කර තිබේ.
රජයේ තීරණයන් නොසලකා වැඩකරන මෝල් හිමියන් අසාදු ලේඛනයට
රජය විසින් ලබා දී ඇති මිල ගණන් යටතේ වී මිල දී නොගන්නා වී මෝල් හිමියන්, වී එකතු කරන්නන් සහ වී ගබඩා අයිතිකරුවන් අසාදු ලේඛනගත කිරීමට තීරණය කල බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
චීන වසන්ත උත්සව සංස්කෘතික මංගල්‍යය ලෝකයටම පෙන්වයි
චීන සාම්ප්‍රදායික නව වසර උදාවන්නේ අද රාත්‍රියේයි. චීන මාධ්‍ය සමූහය විසින් නිෂ්පාදනය කරන ලද වසන්ත උත්සව සංස්කෘතික ප්‍රසංගය බෙයිජිං වේලාවෙන් අද රාත්‍රී 8ට ලොව පුරා ප්‍රේක්ෂකයන් හමුවේ දිගහැරේ.
ගමේ බිත්තර අවශ්‍යතාවෙන් 50% ක් ගම තුළම නිෂ්පාදනය කිරීමේ අලුත් වැඩපිළිවෙලක්
රජය සහ සණස සමිතිය එක්ව ගමේ බිත්තර අවශ්‍යතාවෙන් 50% ක් ගම තුළම නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන බව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ පවසනවා.
තමාගේ වැඩ මුරය නිම වීමෙන් අනතුරු ව තමන්ට සිය ආයතන ප්‍රධානින්ගෙන් ලැබෙන අසාධාරණ දුරකථන ඇමතුම් සහ පණිවුඩ නොසලකා හැරීමේ අයිතිය තහවුරු කිරීමේ නව නීතියක් හඳුන්වාදීමට ඔස්ට්‍රේලියාව පියවර ගනිමින් සිටියි.
ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු දීමනාව ජනවාරි මස සිට බලපැවැත්වෙන පරිදි ඉහළ නංවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසයි.
සුළු වැරදි කරුවන්ට, ගෙදර හිර ගෙයක් කරගන්න නීති සැකසේ
බන්ධනාගාරවල තදබදය පිළිබඳ ගැටලුව විසඳීමට 'නිවාස අඩස්සියේ ක්‍රමයක්' (house arrest system) ක්‍රියාත්මක කිරීම සඳහා නීති සහ ක්‍රියා පටිපාටි සැකසීමේ මූලික කටයුතු ආරම්බ වී ඇති බව වාර්ථා වේ.
