සුළු වැරදි කරුවන්ට, ගෙදර හිර ගෙයක් කරගන්න නීති සැකසේ

Published in පුවත්
Thursday, 08 February 2024 15:30

බන්ධනාගාරවල තදබදය පිළිබඳ ගැටලුව විසඳීමට 'නිවාස අඩස්සියේ ක්‍රමයක්' (house arrest system) ක්‍රියාත්මක කිරීම සඳහා නීති සහ ක්‍රියා පටිපාටි සැකසීමේ මූලික කටයුතු ආරම්බ වී ඇති බව වාර්ථා වේ.

සුළු වැරදි සම්බන්ධයෙන් වරදකරුවන් වූවන් සඳහා මෙම ක්‍රමය ක්‍රියාත්මක වන බව සඳහන් කළ බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම්, බුද්ධි හා ආරක්‍ෂක) සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී දිසානායක මහතා සඳහන් කළේ එම නිවාස අඩස්සියේ ක්‍රමය යටතේ සලකා බලනු ලබන නිශ්චිත සුළු වැරදි තවමත් ප්‍රකාශ කිරීමට නොමැති බවයි.

මෙම ක්‍රමයට සුළු වැරදි සඳහා වැරදිකරුවන්ට වළලුකර මංචු පැළඳීම ඇතුළත් වන බවත්
ඒ අනුව උසාවි නියෝගයක් හරහා ඔවුන්ගේ ස්ථානය සහ චලනය නිරීක්ෂණය කිරීමට බලධාරීන්ට හැකි වනු ඇති බවත් ඔහු පවසයි. මෙම ක්‍රමයේ කොන්දේසි කඩකරන්නන් නැවත අත්අඩංගුවට ගැනීමට සහ නැවත රිමාන්ඩ් භාරයට පත් කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන කෙටුම්පත් කරමින් පවතින බවත් පැවැසේ.

"බන්ධනාගාරවල තදබදය, සිරකරුවන් නඩත්තු කිරීමේ පිරිවැය සහ සිරගත කිරීමට අවසර නොදෙන සුළු වැරදි සම්බන්ධයෙන් පියවරගැනීම වැනි කරුණු කිහිපයකට ප්‍රතිචාරයක් ලෙස මෙම ක්‍රමය සලකා බලනු ලැබේ," දිසානායක වැඩිදුරටත් පැවසීය.

සිවිල් වැරදි සම්බන්ධයෙන් වැරදිකරුවන් වන පුද්ගලයින් සඳහා 'නිවාස අඩස්සියේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍යාංශය සැලසුම් කර ඇති බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය නීතිඥ අනුරාධ ජයරත්න මහතා විසින් ද පසුගියදා අනාවරණය කර තිබිණි. නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව අවශ්‍ය නීති කෙටුම්පත් කරමින් සිටින බවත්, ඒවා ඉදිරියේදී බලාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් ඔහු සඳහන් කර ඇත.

රජය සහ බන්ධනාගාර බලධාරීන් ඇතුළු පාර්ශ්ව ගණනාවක් විසින් බන්ධනාගාර තදබදය පිළිබඳ ප්‍රශ්නය දැන් කාලයක සිට සාකච්ඡාවය ගැනෙන්නකි. සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය විරෝධී මෙහෙයුම යුක්තිය (යුක්තිය) ආරම්භයෙන් පසුව වඩාත් අවධානයට ලක්විය.

මෙම මෙහෙයුමේ ප්‍රතිඵලය පළ ලෙස දිනකට අත්අඩංගුවට ගැනීම් සිය ගණනක් නොව දහසකට ආසන්න ප්‍රමාණයක් වන අතර, එවැනි අත් අඩංගුවට පත් වූවන් විශාල පිරිසක් පුනරුත්ථාපනය සඳහා යවනු ලැබීමද සිදුවේ..

Last modified on Thursday, 08 February 2024 15:30

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us