subash
රබර් කිරි කැපීමේ ප්‍රවීණයන්ට ජාතික වෘත්තීය නිපුණතා සහතික
රබර් කිරි කපන්නෝ 169 දෙනෙක් අගලවත්ත රබර් පර්යේෂණායතනයේදී ජාතික වෘත්තීය නිපුණතා සහතික (NVQ-3)සහතික පත් ලැබූහ.
පොදුජන එක්සත් පෙරමුණේ නායකත්ව මණ්ඩලයේ නායකත්වය භාරගැනීමට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරනතුංග පවසන්නීය.
අස්වැසුම දෙවන අදියර සඳහා ඉල්ලුම්පත් භාර ගැනීමේ කටයුතු අද සිට
අස්වැසුම දෙවන අදියර සඳහා ඉල්ලුම්පත් භාර ගැනීමේ කටයුතු අද (15) සිට ආරම්භ කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසයි.
අදත් වැසි වාර කිහිපයක් - ඇතැම් ප්‍රදේශවල වායු ගුණාත්මක භාවය පහළට
නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.
රු. 35,000 හේ සෞඛ්‍ය වැඩ වර්ජනය අද උදැසනින් අවසන්
දින දෙකක් අඛණ්ඩව පැවැති සෞඛ්‍ය වැඩ වර්ජනය අද (15) උදෑසන 06.30 සිට අවසන් බව, සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් පවසයි.
විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් ලබා ගැනීම අද
යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන්, මහජන අදහස් වාචිකව ලබා ගැනීම අද (15) කොළඹ බණ්ඩාරානායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරීශ්‍රයේදී සිදු කෙරේ.
ජීවතුන් අතර සිටින දේශපාලනඥයන් ඇතුළු විවිධ පුද්ගලයන්ගේ නම්වලින් හඳුන්වන පාසල්වලින් එම නම් ඉවත් කරන ලෙසට සියලුම පළාත් ආණ්ඩුකාරවරුන්ට දැනුම් දෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත පැවසීය.
කොළඹ නගරයේ ගංගා, වැව්, ඇළ මාර්ග ආශ්‍රිතව කිඹුලන් ගැවසීමේ වැඩි ඉඩකඩක් පවතින බැවින් ඒවා භාවිත කිරීමේදී සහ අසළ ගැවසීමේදී අවධානයෙන් පසුවන ලෙස වනජීවී දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.
මෙම වසර තුළදී යුධ හමුදාව 135,000 දක්වා අඩු කෙරේ.
ශ්‍රී ලංකාව මේ වසර අවසන් වන විට දැනට සිටින ශ්‍රී ලංකා යුධ හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 135,000 දක්වා අඩු කිරීමට කටයුතු කරමින් සිටී.
නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.
